උසස් තාක්ෂණ ඉදිකිරිම් පුහුණ ආයතනය මඟින් තාරුණ්‍යට අත්වැලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): උසස් තාක්ෂණ ඉදිකිරිම් පුහුණ ආයතනය මඟින්, දෙස් විදෙස් ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගැන්වීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

ඉතා පුළුල් වපසරියක් කරා විහිදුණු ඉදිකිරීම් ක්ෂේත්‍රය රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්ට ඒ සඳහා ඇති හොදම තෝතැන්නක්.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ රැකියා අවස්ථා ඇතත් ඒ සම්බන්ධයෙන් පුහුණු ශ්‍රමිකයින් නොමැති කම බරපතළ ගැටලුවක් වී තිබෙන අතර, මෙම තත්ත්වය මනාව අවබෝධ කර ගත් උසස් තාක්ෂණ ඉදිකිරීම් පුහුණු ආයතනය යුගයට ඔබින වෘත්තිය නිපුණත්වයකින් හෙබි පුහුණු ශ්‍රමිකයින් රටට දායද කිරීමට ඉදිකිරීම් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් පාඨමාලා රැසක් ආරම්භ කර ඇත,

ජාතික ඉදිකිරීම් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු තිලක් පට්ටියකුඹුර මහතා පවසන්නේ, එවැනි පාඨමාලා 27ක් ක්‍රියාත්මක අතර එම වැඩපිළිවෙළ සාර්ථක බවයි.

දිවයිනේ සියලු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මෙම පුහුණු පාඨමාලා ඇරඹීමට මුලික කටයුතු මේ වන විට සංවිධාන කර තිබෙන බවත්, තිලක් පට්ටියකුඹුර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, දේශිය මෙන්ම විදේශිය සිසුන්ගෙන් ද මෙම පාඨමාලා සඳහා ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...