ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටුව ලකුණ තියෙනවා – මහලේකම් කියයි !

Date:

මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එක, අපි තවම තීන්දු කරලා නෑ කවුද අපේක්ෂකයා කියන කාරණය. අපි තවම තීන්දු කරලා නෑ කාවද ඉදිරිපත් කරන්නෙ කියන කාරණය. නමුත් අපේ පක්ෂය යටතේ, ඒ කියන්නෙ මීළඟ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන් පොහොට්ටුව ලකුණ තියෙනවා කියන එක පක්ෂ ලේකම්වරයා හැටියට මට ලොකු විශ්වාසනීයත්වයකින් කියන්න පුළුවන්”

පක්ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (24) කැස්බෑව ප්‍රදේශයේ පැවති පක්ෂ සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...