ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන්ම පොහොට්ටුව ලකුණ තියෙනවා – මහලේකම් කියයි !

Date:

මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එක, අපි තවම තීන්දු කරලා නෑ කවුද අපේක්ෂකයා කියන කාරණය. අපි තවම තීන්දු කරලා නෑ කාවද ඉදිරිපත් කරන්නෙ කියන කාරණය. නමුත් අපේ පක්ෂය යටතේ, ඒ කියන්නෙ මීළඟ ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ අනිවාර්යයෙන් පොහොට්ටුව ලකුණ තියෙනවා කියන එක පක්ෂ ලේකම්වරයා හැටියට මට ලොකු විශ්වාසනීයත්වයකින් කියන්න පුළුවන්”

පක්ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (24) කැස්බෑව ප්‍රදේශයේ පැවති පක්ෂ සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...