එදා ගෝඨා වෙනුවෙන් වැඩ කරලා වැරදිච්ච මිනිස්සු අද ඩබල් එකේ අපට වැඩ – NPP වසන්ත

Date:

එදා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තාප්පවල චිත්‍ර ඇන්ද, සමාජ මාධ්‍ය තුළ ලියූ අය අද ස්වේච්ඡාවෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දෙගුණයක් වැඩකරමින් සිටින බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.

ප්‍රශ්නය – අපට එහෙම අත්දැකීමක් තිබ්බා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට කලිනුත් මේ වගේම රැල්ලක් තිබ්බා. හැබැයි ඒ රැල්ල අවසානයේදී …

“හරිනෙ. අපි කියන්නෙ ඒකෙත් ඕගනික් එකක් තිබුණා. ඒ කියන්නෙ ඒකෙත් ජනතාව 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නෙ ඒ නිසානෙ. ඒ විතරක් නෙවෙයිනෙ, ඡන්දෙ ඉවරවෙච්ච ගමන් තරුණයෝ පාරවල්වලට ඇවිල්ලා පාරවල් සුද්ද කරලා, බස් ස්ටෑන්ඩ් සුද්ද කරලා චිත්‍ර අඳින්න ගත්තානෙ. ඒක වැරදි නෑනෙ. ඒගොල්ලන්ගෙ හදවතේ තිබුණානෙ මේ රට හදාගන්න ඕනෙ කියලා එකක්. පුරන් කුඹුරු වැපුරුවා, ඊටපස්සෙ පැළ හිටවන්න ගත්තා, එහෙම කළානෙ. ඉතින් ඒ අය සමාජ මාධ්‍යයේ ඉන්න අය. ඉතින් ඒ අය ඒ වෙලාවෙ ගෝඨාභය වෙනුවෙන් මැදිහත් වුණා. එතකොට ඒක හරි. මං මේ කියන්නෙ ඔය සමාජ මාධ්‍යවල සමහර අහන අයට දෙන උත්තරේ. දැන් එතකොට අනුර දිසානායක ජනාධිපති වෙන්න යනකොට මේක මේ ඩොමිනේට් කිරිල්ලක් … නෑ. අපි කියන්නෙ එදා වැරදිච්චි මිනිස්සු අද ඩබල් එකේ වැඩ. ඔබ බලන්නකො ඔය කමෙන්ට්ස් දාන අය. ඒගොල්ලො කියනවා අපි ගෝඨාට වැඩකරපු අය මේ පාර මෙහෙමයි කියලා. ඒ කියන්නෙ මේ සමාජය වෙනස් වෙලා තියෙන්නෙ. ඒ වෙනස් වෙච්ච සමාජය ඇතුළේ ඔබ කිව්වා වගේ එදා හිටපු අය, ඒගොල්ලො වෙන වෙන සෙන්ටර්ස් දාගෙනත් හිටියා. ඔය ටීෂර්ට් එහෙම ගහගෙන හිටපු අය. ඒගොල්ලො වෙන වෙන විදියට ලියන්න පටන් ගත්තා, අපට විරුද්ධවත් ලිව්වා. අපි කියන්නෙ දැන් අපට තියෙන්නෙ පදනමෙන්ම මතුවෙච්ච මිනිස්සුන්ගෙ සත්භාවයෙන් ස්වේච්ඡාවෙන් මතුවෙච්ච පුබුදුවක්. ඒ පුබුදුව නියෝජනය කරන තරුණ තරුණියන් සමාජ මාධ්‍යයේ ඉඳන් තමන්ගේ අරමුණ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන එක, ඒ වෙනුවෙන් වැඩකරනවා”

වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

බස් රථ අනතුරක් : 42 දෙනෙකුට තුවාල..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : ඇඟලුම් සේවිකාවන් පිරිසක්...