මමත් දැන් පියෙක්. මටත් දියණියක් ඉන්නවා – සජිත් රහස හෙළිකරයි. රටේම දරු පරපුරට පොරොන්දුවකුත් දෙයි !

Date:

තමන් දැන් පියෙකු බවත් තමන්ට දියණියක් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පළමුවරට ඊයේ (24) ප්‍රසිද්ධ වේදිකාවකදී අනාවරණය කළේය.

“මමත් දැන් දරුවෙක් ඉන්න පියෙක්. මටත් දියණියක් ඉන්නවා. පියෙකු වශයෙන් මගේ පරම බලාපොරොත්තුව මගේ දියණිය ලොකු මහත්වෙලා, හොඳ අධ්‍යාපනයක් ලබලා, රටට දේශයට ගුණවත් ශිෂ්ඨසම්පන්න උගත් බුද්ධිමත් පුරවැසියෙක් බවට පත්කිරීමයි. ඒක මගේ ප්‍රාර්ථනාව. මම දන්නවා මගේ කතාව අසා සිටින මේ හැම අම්මා කෙනෙකුගේම ප්‍රාර්ථනාවත් ඔබගේ දරුවන් පිළිබඳ තිබෙන්නෙත් ඒකයි. හැම තාත්තා කෙනෙකුගේම තමන්ගේ දූදරුවන් ගැන තිබෙන ප්‍රාර්ථනාවත් ඒකයි.

මම පහුගිය දවසක මගේ බිරිඳත් සමග රෝහලට ගියා මගේ දියණියට ඒ අදාළ එන්නත් ලබාදෙන්න. ඒ එන්නත් ලබාදෙනකොට – මගේ තියෙන ගතියක් තමයි මම හැමදේම අහනවා, හැමදේම හොයලා බලනවා. දැන් මොන කාලයටද එන්නත දෙන්නෙ, මොනවටද මේ එන්නත දෙන්නෙ, මොන රැකවරණයද මේ එන්නතෙන් ලැබෙන්නෙ – එහෙම අහනකොට ඒ ළමාරෝග විශේෂඥවරයා කිව්වා මගේ දියණියට සින්ෆ්ලොරීක්ස් කියන වැක්සීන් එක ගහන්න කියලා. මම කිව්වා කමක් නෑ, අපි ඒක ගහමු. හැබැයි ඒක අපේ රටේ දරුවොන්ට ගහන්නෙ නැහැලු රජයේ සෞඛ්‍ය පද්ධතියේ. එතකොට මම ඇහුවා මේ වැක්සීන් එක කොච්චරක් වෙනවාද ? 7800 ක් වෙනවාලු. හැබැයි රජයේ රෝහල්වලට යන මේ අම්මලා තාත්තලාගෙ දරුවන්ට ඒ වැක්සීන් එක ගහන්නෙ නෑ. ඒක අත්‍යාවශ්‍ය වැක්සීන් එකක්. එතකොට මම ඇහුවා දැන් මගේ දරුවාට මේක ගහගැනීම වැදගත් කියනවා, එතකොට අනෙකුත් දුවාදරුවන්ට මේක ගහන්නෙ නැද්ද ? නෑ, ඒ ඉන්ජෙක්ෂන් එක ගහන්නෙ නෑ. මොකද ගාණ වැඩි නිසා. ඔන්න අද අපේ රටේ තත්වය. එතකොට 7800ක් හොයාගන්න පුළුවන් අම්මලා තාත්තලා තමන්ගෙ දරුවන්ට පෞද්ගලික අංශයෙන් ඒ බෙහෙත අරගෙන ගහනවා, ඒ කුඩා දූදරුවන්ට නිව්මෝනියාව වළක්වාගන්න. නමුත් මේ රටේ සුවහසක් බහුතර ජනතාවට ඒ වරම නෑ.

මම මේ හැම අම්මා කෙනෙකුටම කියන්න කැමතියි මම මේ තියෙන වෙනස අනිවාර්යයෙන්ම ඉවත් කරලා දේශපාලනඥයාගේ දරුවාට පෞද්ගලික ක්ෂේත්‍රයෙන් ලැබෙන සැලකිල්ලම රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් මේ රටේ බිහිවෙන හැම දුවෙකුටම පුතෙකුටම ඒ වරම ලබාදීමේ වගකීම මම බාරගන්නවා කියන එක මම මේ වේදිකාවේදී කියනවා”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මහනුවරදී පැවති සමගි වනිතා බලවේගයේ කන්ද උඩරට සමුළුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් අනුස්මරණ උත්සවයක් කොළඹදී!

කොළඹ LNW:ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය සහ ජපන් ආක්‍රමණයට එරෙහි...

නීතියට උඩින් යන්න කාටවත් ඉඩක් නැහැ. අපි නීතියේ ආධිපත්‍ය රකිනවා – මහජන ආරක්ෂක ඇමති

කොළඹ LNW: නීතියට උඩින් කිසිවෙක් නොමැති අතර නීතිය ඉදිරියේ...

කොළඹ උතුරයි දකුණයි අවසන් තරගයට පැමිණෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු...

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW: මේ වන විට ,...