පඩි වැඩිකර ගැනීම ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක්

Date:

සිය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

2024-2026 කාලපරිච්ඡේදයට අදාළව වෘත්තීය සමිති සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ මහබැංකු පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලදුව මෙම වැටුප් වැඩිකිරීම සිදුකර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳ ව මහ බැංකුවේ පැහැදිලි කිරීම

2024-2026 කාලපරිච්ඡේදයට අදාළ ව වෘත්තීය සංගම් සමග එළඹුණු ත්‍රෛවාර්ෂික සාමූහික ගිවිසුම යටතේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අවසන් වරට සිදු කළ වැටුප් සංශෝධනය පිළිබඳ ව ඇතැම් පාර්ලිමේන්තු සාමාජිකයන් විසින් පසු ගිය දින කිහිපයේ දී පාර්ලිමේන්තු සභාවාරයන්හි දී දක්වන ලද අදහස් සහ ප්‍රකාශ පිළිබඳ ව මාධ්‍යයන්හි විවිධ පුවත් පළ වී ඇති අයුරු ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත.

මෑතක දී සිදු කරන ලද මහ බැංකු වැටුප් සංශෝධන ක්‍රියාවලිය හා වැටුප් සංශෝධනය කිරීමට හේතු පාදක වූ කරුණු පිළිබඳ ව යෝග්‍ය පාර්ලිමේන්තු කමිටුවක් හරහා පාර්ලිමේන්තු සාමාජිකයන්ට පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස, සාමාන්‍යයෙන් මහ බැංකුව පාර්ලිමේන්තුව සමග සන්නිවේදනය කරනු ලබන ආකාරයට මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු ජනාධිපතිතුමා වෙත, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 (2) (ආ) වගන්තිය ප්‍රකාර ව ඉල්ලීමක් කරන ලෙස, 2024 පෙබරවාරි මස 21 දින පැවති පාලක මණ්ඩල රැස්වීමේ දී පාලක මණ්ඩල සාමාජිකයන් විසින් අධිපතිතුමාගෙන් ඉල්ලා සිටින ලදී. ඒ අනුව, අධිපතිතුමා විසින් 2024 පෙබරවාරි මස 22 වන දින ලිඛිත ඉල්ලීමක් සිදු කරන ලදී.

මහ බැංකුව එම ඉල්ලීමට අනුව ලැබෙන අවස්ථාවක දී හෝ තොරතුරු ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමක දී සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්ට එරෙහිව නඩු!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : රජයට අයවිය යුතු...

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...