මියන්මාරයේ තරුණයන් බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමට ජුන්ටාව සැරසේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මියන්මාරයේ මිලිටරි ජුන්ටාව විසින් වයස අවුරුදු 18 සිට 35 දක්වා වූ සියලුම පිරිමින්ට සහ අවුරුදු 18 සිට 27 දක්වා කාන්තාවන් සඳහා අවම වශයෙන් වසර දෙකක හමුදා සේවයක් නියම කර ඇති බව වාර්තා වේ.

තීරණය ප්‍රකාශයට පත්කර පැයක් පමණ ගතවන විට තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි පිරිස 300කට වඩා රැස්ව ඇති අතර තදබදය හේතුවෙන් එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා 6 දෙනෙකු ශ්වසන අපහසුතාවන්ට ලක් වූ බවයි වාර්තා වන්නේ,

ජුන්ටාව විසින් මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ බොහෝ දෙන විදෙස්ගත වීමට අපේක්ෂා කරන අතර තවත් සමහරක් පැවිදි දිවියට පිවිසීම හෝ කලින් විවාහ වීමට අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් මියන්මාරයේ තරුණ ප්‍රජාව සඳහන් කරන්නේ ආණ්ඩුවට විරෝධිව කටයුතු කරන අප ආණ්ඩුව වෙනුවෙන් සටන් කරන්නේ කෙසේද කියාය.

2021 පෙබරවාරි 1 වන දින, හමුදා කුමන්ත්‍රණයකින් ප්‍රජාතන්ත්‍රවාදිව බලයට පත් අවුන්සාන් සුකී සිර අඩස්සියට දමමින් බලයට රාජ්‍ය පැහැරගනු ලැබූ මියන්මාර හමුදාව දහස් ගනනක් මරා දමා ඇති අතර මේ හේතුවෙන් මිලියන 2.6 ක පමණ ජනතාවක් අවතැන් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...