වසර 32කට පසු සිය මව බැලීමේ බලාපොරොත්තුව සුන් වූ ශාන්තන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ඝාතන සිද්ධියට වරදකරුවකු වී පසුව නිදහස ලැබු යාපනයේ ශාන්තන් යන අය අද අළුයම ඉන්දියාවේ රජිව් ගාන්ධි රෝහලේදී මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

රජීව් ගාන්ධි ඝාතන නඩුව සම්බන්ධයෙන් වසර ගණනාවක් සිරගතව සිටි ශාන්තන් වසර 32කට පසු සිය මව බැලීමට දිවයිනට පැමිණීමට නියමිතව තිබුණු අතර, ශාන්තන්ට හදිසියේ වැළදුණු අක්මා රෝගයක් හේතුවෙන් ඔහුව රෝහල් ගතකර ඇත.

ශාන්තන්ගේ මව ඔහුව බැලීමට අවශ්‍ය බව සඳහන් කරමින් ඉන්දීය රජයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුනු අතර, එම අභියාචනය සැලකිල්ලට ගැනීමෙන් පසු ඉන්දීය රජය විසින් ශාන්තන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදුන් බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඒ අනුව ඉන්දීය රජයේ අනුමැතිය මත චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ශාන්තන්ට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබු අතර ඒ අතර කාලවකවානුව තුළදීයි ශාන්තන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...