*
Monday, May 6, 2024
spot_img

Latest Posts

දැන් තියෙන ප්‍රශ්නය තමයි රට ගොඩගන්න වගකීම ගන්නේ කවුද කියන එක – මෛත්‍රී

කොළඹ LNW: දැන් පවතින ප්‍රශ්නය වන්නේ රට ගොඩගැනීමේ වගකීමේ ගන්නේ කවුද යන්නත් එය තනි දේශපාලන පක්ෂයකට සිදුකළ නොහැකි බවත් හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

හිටපු ජානාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (03) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නව වසරේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එළඹෙන 08 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවා ඇති අතර ඉදිරි මැතිවරණවලදී කටයුතු කරන ආකාරය ගැන එහිදී තීන්දුවක් ගන්නා බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.

රටේ ප්‍රමුඛ ගැටළු විසඳීම සඳහා ඉදිරියේදී ශක්තිමත් සන්ධානයක් ගොඩනගන බවද හෙතෙම අවධාරණය කළේය.

”මොන වැඩපිළිවෙල තියෙනවා කියල කිව්වත් මම හිටපු ජනාධිපතිවරයෙක් විදිහට ජාත්‍යන්තර වශයෙන් තිබෙන දේශපාලන තත්ත්වය ගැනත් මට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ තත්ත්වයන් උඩ රට ගොඩනගන්න පුළුවන් ශක්තිමත් සංවිධානාත්මක වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. තනි දේශපාලන පක්ෂවලට රට ගොඩගැනීමට කොහෙත්ම හැකියාවක් නැහැ. රටේ ආර්ථිකය, දුගී බව පළමු දේ. දරුවෝ පාසලට යවන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම තමයි ලක්ෂ ගාණක් ඉන්නවා තුන්වේල ආහාර නැතුව. මේ තත්ත්වයන් එක්ක මේවට ප්‍රමුඛතාව දීලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශේෂ වැඩපිළිවෙලක් හදල තියෙනවා. ඉදිරි දිනවලදී ශක්තිමත්ව සන්ධානයක් හදනවා. ප්‍රධාන ප්‍රශ්න විසඳලා පවතින පීඩාකාරී තත්ත්වයෙන් ජනතව මුදාගැනීම සඳහා 2024 අලුත් අවුරුද්දේ සියලුම ජනතාවට ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා එම සන්ධානයට එක්වෙන්න කියල.කවුරුන් කෙසේ කිව්වත් මොන විදිහේ නින්දා අපහාස කළත් අපිව දුර්වල කරන්න ලෑස්ති වුණත් අධිෂ්ඨානශීලිව, ආත්මවිශ්වාසයෙන් පක්ෂය ලෙස අපි මුහුණ දෙනවා.” යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan