රනිල් – සජිත් හමුවක්

Date:

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් නුදුරේදීම පැවැත්වීමට නියමිත බව ඉතාම විශ්වාසකටයුතු ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව, නුදුරු දිනකදී කොළඹදී රහසිගතව මෙම හමුව පැවැත්වෙනු ඇති බවයි දෙපාර්ශ්වයටම සම්බන්ධ සමීප ආරංචිමාර්ග සඳහන් කළේ.

දැනට විදේශගතව සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නීතීඥ, ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව මෙම හමුව සඳහා ස්ථානය සහ වේලාව නියම කරගැනීමට සාකච්ඡා කරනු ඇති බවත් වාර්තා විය.

රනිල් – සජිත් හමුවට පෙර පක්ෂ දෙකේ මහලේකම්වරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් විශ්වාසකටයුතු ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...