NMRA අක්‍රමිකතා ගැන සොයන්න CIDට භාරකිරීමට සැලසුම්!

Date:

කොළඹ LNW:ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ ක්‍රියාත්මක අතර එම පරීක්ෂණ වාර්තා පදනම්ව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන බව සෞඛ්‍ය හා ජනමධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන තත්ත්වය හා සිදුව ඇති බවට වාර්තා පළවූ අක්‍රමිකතා ගැන ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳ සභාව දැනුවත් කරන ලෙස නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් අද (07) පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

”ජාතික ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධ බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. තාක්ෂණික ක්‍රමවේදයක් හදුන්වා දෙන්න ගිහිනුත් අසාර්ථක වුණා. ඒක ඇතුළෙත් වංචාවන් සිද්ධ වුණා. ඒක ඇතුලේ ෆයිල් ගොඩගැහෙනවා. අපි ආණ්ඩුව ගන්නකොට ෆයිල් 2100ක් තිබුණා. අපි දැන් සැලකිය යුතු මට්ටමකට අඩුකරගෙන තිබෙනවා.1200ක් ක්ලියර් කරලා තියෙන්නේ. තවදුරටත් 900ක් තියෙනවා පහුගිය මැයි 31 වැනිදා වෙනකොට NMRA එකට රෙජිස්ට්‍රේෂන් සඳහා භාර දීපු. ඉදිරි මාස තුන ඇතුළත මේ ක්‍රියාවලිය විධිමත් කරලා අලුතෙන් ලියාපදිංචිය ඉල්ලුම්කරන ලද සහ යළි ලියාපදිංචියට ඉදිරිපත්කරන ලද ඖෂධවලට ලියාපදිංචිය දීම සඳහා කටයුතු වේගවත් කරනවා. වේගවත් කරනවා කියන්නේ කථානායකතුමනි,නොසැලකිල්ලෙන් කටයුතු කරනවා කියන එක නෙවෙයි. මේ සියලු සාම්පල් චෙක්කරල අවශ්‍ය මැදිහත්වීම් කරමින් තමයි වේගවත් කරන්නේ. ඒ නිසා මාර්තු මාසය වෙද්දී ක්ලියර් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේක ඇතුලේ සිදුවෙලා තියෙන අක්‍රමිකතා සම්බන්ධයෙන්, පහුගිය කොවිඩ් සමයේදී ලියාපදිංචි නොකරන ලද සමාගම් විසින් කරන ලද වංචා ගණනාවක් තියෙනවා. ඒ ගැන පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. අභ්‍යන්තර පරීක්ෂණවලින් පස්සේ ඒ මත පදනම් වෙලා විමර්ශන පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකිරීමට බලාපොරොත්තු වෙනවා.”යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...