මියන්මාර සයිබර් වහල් සේවයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා බේරා ගැනීමට මියන්මාර රජයෙන් සහය!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 කොළඹ (LNW): ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු මේ වනවිට මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ පසුවන අතර, ඔවුන් මුදා ගැනීම සදහා සහාය දැක්වීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ,

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා පවසන්නේ, මියන්මාර බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකගත්වයට පැමිණි බවයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් මියන්මාරයේ මයාවාඩි ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයන් 56 දෙනෙකු සයිබර් වහල් සේවයේ යොදවා ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සදහා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා තායිලන්තයේදී මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය තාන් ශ්‍රී මහතා හමුවී සාකච්ඡා කළේය. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් නිදහස් කිරීමේ කටයුතු සම්පාදනය කෙරුණි.

මේ සම්බන්ධයෙන් මීට දින තුනකට පෙරද යළි ඉල්ලීමක් කර ඇති අතර, එම ඉල්ලීමත් සමඟ මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයේ පසුවන ශ්‍රී ලාංකිකයන් මුදා ගැනිම සදහා එරට රජයේ සහාය දැක්වීමට තීරණය කර ඇති බව තානාපති ජනක ප්‍රියන්ත බණ්ඩාර මහතා පවස සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...