ත්‍රීකුණාමලයේදී සූරයෝ පොළොන්නරුවෙන් සූරියෝ යාපනයෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 08 කොළඹ (LNW): ශ්‍රී ලංකා බැඩිමින්ටන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ මඟ පෙන්වීම ලද ත්‍රිකුණාමලය බැඩ්මින්ටන් දිස්ත්‍රික් සංගමයේ ආශිර්වාදයෙන් ෆැමිලි ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන්නට යොදුණ අවුරුදු 13 න් පහළ අන්තර් ප්‍රාදේශීය සංවර්ධන කමිටු බැඩ්මින්ටන් සූරතාවලියේ බාලක සූරතාවය දිනා ගන්නට පොළොන්නරුව දිස්ත්‍රික්කයට හැකි විය.බාලිකා සූරිතාවය හිමි වුණේ යාපනය දිස්ත්‍රික්කයටය.

වව්නියාව, පොළොන්නරුව, මඩකළපුව, යාපනය, රත්නපුර,අම්පාර,අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හී අවුරුදු 13 න් පහළ ප්‍රාදේශීය සංවර්ධන කමිටු නියෝජනය කරමින් මෙම තරගාවලියට පිරිමි අංශයෙන් ක්‍රීඩකයින් 80 ක් තරග වැදුණු අතර බාලිකා අංශයෙන් 60 ක් තරග වැදිණි.

ත්‍රිකුණාමලය මැක්හෙයිසර් ක්‍රීඩා සංකීරණයේ දී දින තුනක් පුරා පැවති මෙම තරගාවලියේ සමාප්ත සමාචාර අවස්ථාවට ජය සංඛේත ප්‍රදානය සඳහා ශ්‍රී ලංකා බැඩිමින්ටන් නියෝජනය කරමින් එහි ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති රොෂාන් ගුණවර්ධන ඇතුළු ප්‍රාදේශීය සංවර්ධන කමිටු නිලධාරීන් සමඟ හිටපු අමාත්‍යවරියක වන ආරියවතී ගලප්පත්ති ද එක් ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...