*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

WhaleBoost වෙරළට ඇවිත් රැල්ලට ගහගෙන ගියා වගේ!

ගෙදර ඉදන් සල්ලි හොයමුද? අතේ සතේ නැද්ද? සල්ලි නැති ජීවිතේ නයෙක් නැති අහිකුන්ඨිකයෙක් වගේ ද? අම්මට තාත්තට අයියට අක්කට අරව මේවා අරන් දෙමුද? ආදී නානාප්‍රකාර අන්දමේ හෙඩ්ලයින් කෑලි යොදාගනිමින් අද වනවිට මේ ගෙදර ඉදන් සල්ලි හොයන සීන් එක ලොව පුරා ජනප්‍රිය කතාබහකි.

WhaleBoost? මොකක් ද මේ WhaleBoost කියන්නේ? මේ වන විට සමාජ මාධ්‍ය කැළඹිලා පවතින අලුත්ම ආකාරයේ ගෙදරට වෙලා සල්ලි හොයන ගැජමැටික් එකක් කියලා තමයි හැමෝම කියන්නේ! කාලෙන් කාලෙට මොකක් හරි හොයා ගෙන ඒක ලොකු කරගෙන මිනිස්සුන්ට අලුත් දෙයක්, සල්ලි නිකන්හම්බෙනවා, ගෙදර ඉදගෙන කරන්න පුලුවන් කීවම ලංකාවාසී ජනතාව මොකට අකමැති වෙන්න ද නේ ද? නිකන් දෙනවනම් ඕනි දෙයක් ගන්න මේ රටේ ඈයොන්ට හම්බුන අලුත්ම වචනයක් තමයි මේ WhaleBoost Scam එහෙමත් නැතිනම් සල්ලි හොයන මාෆියාව කියලා කීවොත් මා නිවැරදිය.


WhaleBoost කියන්නේ E-Commerce ප්ලැට්ෆෝර්ම් එකක්ලු නේද? මෙහෙම කියන අය E-Commerce තියා නිකන් කොමර්ස් ගැනවත් දන්නවා කියලා මම නම් හිතන්නේ නැහැ.

මේක ගැන විස්තර කරන බොහෝ දෙනා යම් ස්ක්‍රිප්ට් එකකට අනුව මේ දේවල් කීවා කරාට ඒකෙන් වෙන්නෙ මොකක්ද? කොයි ලෝකෙන්ද සල්ලිහම්බවෙන්නේ? කියන කිසිම දැනුමක් බුද්ධියක් නැති අය වීම තවත් විශේෂත්වයක්!

E-Bay , Amazon, Ali-Baba ආදී සයිට් වල නිෂ්පාදන අලෙවිකරුවන්ට ඔවුන්ගේ රිවීව්ස් ආදිය වැඩි කරලා දෙන මේ අලුත් මායාව WhaleBoost කියලාතමයි ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා දන්න තරමින් ඔවුන්ගේ වීඩියෝ පට ඔස්සේ ජනතාවට පවසන්නේ. WhaleBoost Site එකට ගිහින් රෙජිස්ටර් වෙලා ඒකෙ තියෙන පැකේජස් ගැනත් පල් හෑලි කියලා කරන මේ නාටකය දැන්වත් අපි නවත්තමු! මොකද මේක අමූලික බොරුවක්!

මේ ගැන විමසිලිමත්ව කටයුතු කළ අපි කවුරුත් දන්නා මනියා ඒකෙ සිටි සියල්ලන්ගේම රෙදි ගැලවීමක් හරි ලස්සනට කළා..

WhaleBoost නිර්මාතෘ ලෙසබොහෝ සයිට්ස් වල පෙනී සිටින සුදු ජාතිකයෙක් වගේම, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ප්‍රධාන අලෙවි නිලධාරියාගේ ඉදලාම තියෙන්නේ බොරු ලෝකයක්!

හරි දැන් අපි වීඩියෝ පටයක් බලමු! බලලා තීරණය කරමු!

මුලින්ම කියන්න ඕනි මෙච්චර මහන්සි වෙලා ලස්සනට ස්ක්‍රිප්ට් හඳලා, කැමෙරාස් වලින් එක එක ශොට්ස් අරගෙන කැපකිරීමක් කරලා ලස්සන වීඩියෝස් දැම්මම ඒකට හම්බෙන වීව්ස් නිසා අතට කීයක් හරි හම්බෙනවා වෙන්න පුලුවන්! ඒත් ඒවගෙන් අනිත් මිනිස්සුන්ට වෙන්න තියෙන අසාධාරණය, අමාරුකම්ගැනත් හිතලා වැඩ කරානම් මේ වගේ දෙකයි පනහෙ වැඩ වලට යොදන කාලේ අහිංසක ළමයෙක්ට බත් කටක් දෙන්න වෙන් කරානම් අද ලංකාව හොඳතැනක..


මේක හැමෝටම අමාරු කාලයක්. මිනිස්සුන් අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි, ඒ මිනිස්සුන්ගේ අහිංසක බලාපොරොත්තු ටාර්ගර්ට් කරලාතමයි මේ වගේ සල්ලි හොයන මාෆියා ක්‍රියාත්මක වෙන්නේ.

ලොකුම සාපෙ තමයි සෝශල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා කියලා තමන්ම කියාගන්න, සල්ලි වලට ඕනම කුණු ගොඩක් මාර්කට් කරලා තමන් ගැන විතරක් හිතන, අනිත් අයට හෙන හැගුවත් මොකද සල්ලි මල්ලි සල්ලි නේ…කියලා ඕනි දෙයක් කරල දෙන්න බලන් ඉන්න සිපයියෝ ටිකක් මේ අළුත් whaleboost කියන scam එක ප්‍රමෝට් කරන්න බැහැල ඉන්න එක..

තවත් සමහරක් මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි කියනවා, තවත් අයෙක් සෝ සොරි කියනවා.. තවත් සම-හරක් මේකෙන් අපිට අච්චර සල්ලි හම්බුනා මෙච්චර හම්බුනා ඔයාලත් ගන්න කියනවා! ලංකාවාසීන් තමයි ඒත් පොඩි හරි මොලයක් අපිට තියෙනවා නේ නිකන් සල්ලි දෙන්න ඇයි WhaleBoost දෙවියෙක් ද? සල්ලි කියන්නේ නිකන් හම්බෙන දෙයක් නෙවෙයි අපි මහන්සියෙන් අපේ කැපවීමෙන් ලබා ගන්න ඕනි දෙයක්!

නිකන් දෙන දෙයක් ගන්න ගිහින් බෙල්ල හිර කරගන්නවා ද? තමන්ගේ වීර්‍යයෙන් කීයක් හරි හම්බ කරගන්නවා ද? තීරණය ඔබ සතුයි!

NL

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan