Wednesday, October 4, 2023
spot_img

Latest Posts

කැලණිතිස්ස යළිත් වැඩ – විදුලි කප්පාදුවත් රිවස්

කැලණිතිස්ස විදුලි බලාගාරයේ හටගෙන තිබූ දෝෂය මේ වනවිට යථා තත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. ඒ අනුව දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය විදුලිය උත්පාදනය කරන බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි අමාත්‍යංශය පවසන්නේ.

කෙසේ නමුත් අද පෙරවරුවේ නිවේදනය කළේ අද සිට රාත්‍රී කාලයේදී පැයක කාලයක් විදුලිය අත්හිටුවන බවයි. ඊට අදාලව විදුලි කප්පාදුව සිදු කරන කාලසටහනක්ද නිකුත් කර තිබිණි.

අද සිට විදුලි කප්පාදුව සිදු කරන බව ප්‍රකාශ කළ නමුත් ඊයේ දිනයේද රාත්‍රී කාලයේදී පැයක කාලයක් විදුලිය අත්හිටුවා තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.