*
Friday, March 29, 2024
spot_img

Latest Posts

2022 වසරේ ලෝක‌යේ ප්‍රබලම පාස්පෝට් අතර ජපානය, සිංගප්පූරුව සහ දකුණු කොරියාවට මුල් තැන!

ඔවුන් විදේශ රටකට යාම සඳහා භාවිතා කරන විදේශ ගමන් බලපත්‍රය නිකුත් කර තිබෙන්නේ කුමන රටකින් ද යන කාරණය මත මෙය තීරණය වනු ඇත.

2006 වසරේ පටන් මේ පිළිබඳ ලන්ඩනය මූලික කර ගත් ගෝලීය පුරවැසි සහ නේවාසික උපදේශන ආයතනයක් වන Henley & Partners විසින්, මේ පිළිබඳ තක්සේරුවක් සිදු කරයි. විදේශ ගමන් බලපත්‍රයක ප්‍රබලත්වය තීරණය කරන ඔවුන්ගේ දර්ශකය Henley Passport Index යනුවෙන් හඳුන්වයි. ඔවුන් මේ සඳහා වැදගත් වන තොරතුරු ලබාගන්නේ අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සංගමය (IATA) වෙතිනි.

මේ අනුව උදා වූ 2022 වසරේදී ගෝලීය පුරවැසියෙකු සතුව තිබෙන බලවත්ම පාස්පෝට් වර්ග මොනවාදැයි ඔවුන් විසින් අනාවරණය කර තිබේ. මෙහිදී සරලව කියන්නේ නම් සලකා බලන්නේ වීසා අයදුම් කිරීමකින් තොරව ඔබේ පාස්පෝට් එක පමණක් භාවිතා කරමින් ලෝකයේ රටවල් කීයක් ඔබව නීත්‍යානුකූල වශයෙන් පිළිගැනීමට ලැහැස්තිද යන කාරණාවයි.

මෙවර මුල් තැනට පත් ව තිබෙන්නේ ආසියාතික රටවල් දෙකක් වන ජපානය සහ සිංගප්පූරුව විසින් නිකුත් කරනු ලබන පාස්පෝට් වීම විශේෂත්වයකි.

උදාහරණයක් වශයෙන් ජපන් හෝ සිංගප්පූරු පාස්පෝට් එකක් ඔබ සතුව තිබේ නම්, එහි අර්ථය වීසා රහිතව ඔබට රටවල් 192 ක ගමනාන්ත බලා පියාසර කළ හැකි බවයි.

ලෝකයේ සාමාන්‍ය පිළිගත් මතය අනුව ඇමරිකානු, කැනඩා හෝ ෂෙනගන් (යුරෝපා සංගමයේ රටවලට යාමට අදාළ) පාස්පෝට් තිබීම ඉතා ප්‍රබල තත්වයක් ලෙස සැලකිණි.

නමුත් ඇමරිකා එක්සත් ජනපදයට මෙන්ම එක්සත් රාජධානියට ද මෙවර ලැබී තිබෙන්නේ 6 වන තැනයි. කැනේඩියානු විදේශ ගමන් බලපත්‍රය 7 වන තැනට පත් ව තිබේ.

කෝවිඩ් වසංගත සමය තුළ යුරෝපියානු ඇතුළු සංවර්ධිත බටහිර රටවල් විසින් දිගින් දිගටම හඳුන්වා දෙන සංචාරක ගමන් තහනම් මෙවර වෙනස්ම තත්වයක් ඇති වීමට බලපා තිබේ.

මේ අතර ලෝකයේ නරකම පාස්පෝට් එක බවට පත් ව තිබෙන්නේ ඇෆග්නිස්ථානය විසින් ලබාදෙන විදේශ ගමන් බලපත්‍රයයි. එමගින් වීසා රහිතව යා හැක්කේ ලෝකයේ රටවල් 26කට පමණි.

මේ අනුව 2022 වසරේ ලෝකයේ ප්‍රබලම ගුවන් ගමන් බලපත්‍ර සඳහා ලකුණු ලබාදීම Henley Passport Index විසින් සිදු කරයි.

පහත ලැයිස්තුවේ වරහන් තුළ දක්වා ඇත්තේ ගමනාන්ත කීයකටද මෙම පාස්පෝට් මගින් වීසා රහිතව යා හැකිද යන්නයි.

1. ජපානය, සිංගප්පූරුව (ගමනාන්ත 192)

2. ජර්මනිය, දකුණු කොරියාව (ගමනාන්ත 190)

3. ෆින්ලන්තය, ඉතාලිය, ලක්සම්බර්ග්, ස්පාඤ්ඤය (ගමනාන්ත 189)

4. ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්වීඩනය (ගමනාන්ත 188)

5. අයර්ලන්තය, පෘතුගාලය (ගමනාන්ත 187)

6. බෙල්ජියම, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය (ගමනාන්ත 186)

7. ඔස්ට්‍රේලියාව, කැනඩාව, චෙක් සමූහාණ්ඩුව, ග්‍රීසිය, මෝල්ටාව (ගමනාන්ත 185)

8. පෝලන්තය, හංගේරියාව (ගමනාන්ත 183)

9. ලිතුවේනියාව, ස්ලෝවැකියාව (ගමනාන්ත 182)

10. එස්තෝනියාව, ලැට්වියාව, ස්ලෝවේනියාව (ගමනාන්ත181)

Amali Jayaweera – Outbound Today

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan