Thursday, March 30, 2023
spot_img

Latest Posts

ක්‍රීඩාව සහ මහා මාර්ගය එක්ව තරගයට බයිසිකල් පඳියි

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකාපාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලික් පැවත්වීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අඅනුව තීරණය කර ඇත.ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින ජනවාරි 14 දා ය.


ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව කි.මි. 80ක දුරකින් යුත් තරගය. සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩය, කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලිය පැවැත්වේ.


ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික පිරිසක් තරග කිරීමට නියමිතමෙ තරගාවලියේ දී සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩයේ තරගය පෙ.ව.8.30ටත් කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය පෙ.ව.8.40ටත් අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන අතර අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරග නිමාව සනිටුහන් කිරීමට නියමිතය.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.