ලංකාවේ සංචාරය අවදානම් – කැනඩා බළධාරීන් සිය ජනතාවට දැනුම් දෙයි

Date:

ඉතා වේගයෙන් පිරිහෙමින් තිබෙන ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ඉතා අවදානම් බව කැනඩා රජය සිය රටවැසියන්ට අනතුරු අඟවමින් දැනුම් දී තිබෙනවා.

ආර්ථික අර්බුද හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය කඩාවැටී ඇති බවත්, ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිග වී ඇති බවත් කැනඩා රජය පවසයි. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට පෝලිම්වල රැඳී සිට භාණ්ඩ මිලදී ගැනීමට සිදුව ඇති බව පෙන්වා දෙන කැනඩා බළධාරීන් සිය ජනතාවට දැනුම් දෙන්නේ පෝලිම්වල රස්තියාදු වී භාණ්ඩ මිලදී ගැනීම සඳහා සූදානම්ව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසයි.

සංචාරය ආරම්භ කිරීමට පෙර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි රැස් කරගෙන ශ්‍රී ලංකාවේ සංචාරය ආරම්භ කරන ලෙසයි කැනඩා බළධාරීන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ආර්ථිකයට එල්ල වූ බලපෑම සමනය කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙරට රජය බලාපොරොත්තුවෙන් සිටින නමුත් ඩොලර් හිගය ඇතුළු ආර්ථික අර්බුද හේතුවෙන් ඒයද සාර්ථක නොවන තත්වයක් උද්ගත වී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් සහ කේරළ ප්‍රාන්තයේ මහ ඇමති අතර හමුවක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : සංස්කෘතික සබඳතා පිළිබඳ...

සුබ උපන් දිනක් සිහින කුමරුනි….

හද මත ගීත ටජ්මහලක් තැනූවයිඑහි සිට මධුර ස්වරයෙන් පෙම...

ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සිය මිසයිල...

අදත් යක්ෂයා අවදියෙන් සිටිය යුතුයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි...