ජෛව බුබුළු සංකල්පය තවදුරටත් අවශ්‍ය නෑ – සෞඛ්‍ය අංශ පවසයි

විදෙස් සංචාරකයන් සඳහා ක්‍රියාත්මක කළ ජෛව ආරක්ෂණ බුබුළු සංකල්පය තවදුටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය බළධාරීන් පවසනවා. විදෙස් සංචාරකයන් සඳහා දැනට ක්‍රියාත්මක කොවිඩ් පරීක්ෂණ සහ එන්නත්කරණ සහතික පමණක් ප්‍රමාණවත් බවත් ඉන් පරිබාහිරව පැමිණෙන පුද්ගලයන්ට අවශ්‍ය නම් ජෛව ආරක්ෂණ බුබුළු වැඩපිළිවෙල ක්‍රියාත්මක කළහැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමිනි.

මාධ්‍ය හමුවට සහභාගි වූ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ පසු කොවිඩ් රෝග තත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමුව තිබෙන බවයි. ඒ අනුව දියවැඩියාව වැනි බෝ නොවන රෝග තත්වයන් පිළිබඳව, රෝහල්වල ක්‍රියාත්මක සුවදිවි මධ්‍යස්ථාන හරහා සොයා බලන බවද වෛද්‍යවරිය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියානු හා ජර්මානු විදේශ ඇමතිවරු වසර හතරකට පසු මුල් වරට හමුවේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: රුසියානු විදේශ අමාත්‍ය...

පාකිස්තානයේ ඩේරා ඉස්මයිල් ඛාන් ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12ක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: පාකිස්තානයේ වයඹදිග Dera...

නාමල් නෑ කියලා නෑ. අපේ ගේම් වන්, ටූ, ත්‍රී, ෆෝ කියලා තියෙනවා. ඒ අනුව අපි වැඩ කරන් යනවා – ප්‍රසන්න

නාමල් රාජපක්ෂ මහතා සිරගතව සිටියත් ඒ මහතාගේ නායකත්වය යටතේ...

ට්‍රම්ප් ඉරානයේ දින 7ක යෝජනාව ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ්...