පාලක පන්තිය බිඳවැටිලා. හැම සමීක්ෂණයකින්ම කියන්නේ අපි ඉදිරියෙන් කියලා – ටිල්වින්

Date:

පාලක පන්තිය මේ වනවිට සිටින්නේ දරුණු අර්බුදයක බවත් ඔවුන් කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ටින් සිල්වා මහතා පවසයි.

“ඒගොල්ලෝ දැන් බිඳවැටිලා තියෙන්නෙ. විසිරිලා තියෙන්නෙ. එකතු කරගන්න බෑ. ආණ්ඩුව කරන පක්ෂය ගන්නකො, පක්ෂයක් දැන් නෑනෙ. එකතුවෙලා නෑ, සංවිධානයක් නෑ. දුර්වලයි හොඳටෝම. සියලු සමීක්ෂණවලින් තියෙන්නෙ මොකක්ද ? හැමතිස්සේම ජනතා ව්‍යාපාරය උඩට ඇවිත් තියෙන්නේ කියලා නේද ? පාලක පන්තිය අර්බුදයක ඉන්නේ. ඒගොල්ලො ගැන ජනතා විශ්වාසය බිඳවැටිලා තියෙනවා. මිනිස්සුන්ව ඒගොල්ලො පැත්තට දිනාගන්න කියලා කරන්න යන හැමදෙයක්ම පාරාවළල්ලක් වෙලා කැරකිලා අනිත් පැත්තට එනවා”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...

නාසා හි Curiosity Rover මවන අඟහරුගේ විශ්මයජනක දර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නාසා හි...