අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්වා ගැනීමේදී යම් ගැටලුවක් තිබෙනවා – ජනපති අනුර

සටහන – රුවන් නෙළුගොල්ල

මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයකු බැවින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමේදී යම් ගැටලුවකට මුහුණ පෑමට සිදුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අර්ජුන මහේන්ද්‍රන් කැඳවාගැනීම සඳහා දැනුත් වරෙන්තු නිකුත් කරලා තියෙනවා. නමුත් ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. සිංගප්පූරුවේ ජීවත් වෙන්නෙ. ඒ නිසා ගෙන්වා ගැනීමේ යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. මොකද ඒ රජය විසින් අපට භාරදෙන්න ඕනා. හැමවෙලාවෙම රජයන් කල්පනා කරන්නෙ තමන්ගෙ රටේ පුරවැසියාගෙ පැත්තෙන් තමයි. ඉතින් අපි තවතව සාධක අරගෙන ඒ රජයට තහවුරු කළ යුතුව තිබෙනවා. මොකද එයා එහෙ පුරවැසියෙක්, රජයක් හැමවෙලාවෙම තමන්ගෙ පුරවැසියාගෙ පැත්තෙන් ඉඳලා තමයි ප්‍රශ්නයක් දෙස බලන්නෙ. ඉතින් අපි ශක්තිමත් සාධක ඉදිරිපත් කරන්න ඕනා පුරවැසියා එහෙ වුණාට අපරාධකාරයා මෙහෙ කියලා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සටන” වැඩසටහනේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...