අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්වා ගැනීමේදී යම් ගැටලුවක් තිබෙනවා – ජනපති අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහබැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයකු බැවින් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමේදී යම් ගැටලුවකට මුහුණ පෑමට සිදුව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අර්ජුන මහේන්ද්‍රන් කැඳවාගැනීම සඳහා දැනුත් වරෙන්තු නිකුත් කරලා තියෙනවා. නමුත් ඔහු සිංගප්පූරු ජාතිකයෙක්. සිංගප්පූරුවේ ජීවත් වෙන්නෙ. ඒ නිසා ගෙන්වා ගැනීමේ යම් ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. මොකද ඒ රජය විසින් අපට භාරදෙන්න ඕනා. හැමවෙලාවෙම රජයන් කල්පනා කරන්නෙ තමන්ගෙ රටේ පුරවැසියාගෙ පැත්තෙන් තමයි. ඉතින් අපි තවතව සාධක අරගෙන ඒ රජයට තහවුරු කළ යුතුව තිබෙනවා. මොකද එයා එහෙ පුරවැසියෙක්, රජයක් හැමවෙලාවෙම තමන්ගෙ පුරවැසියාගෙ පැත්තෙන් ඉඳලා තමයි ප්‍රශ්නයක් දෙස බලන්නෙ. ඉතින් අපි ශක්තිමත් සාධක ඉදිරිපත් කරන්න ඕනා පුරවැසියා එහෙ වුණාට අපරාධකාරයා මෙහෙ කියලා”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ “සටන” වැඩසටහනේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...