*
Tuesday, December 24, 2024
spot_img

Latest Posts

රටේ තීරණාත්මක අවස්ථා ජයග්‍රහණයට, හමුදා සහය

කෘෂි කර්මය ජාතියක ආර්ථිකයේ අනන්‍යතාවයි. එසේත් නොමැති නම් ජීවයයි. කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත වූ රටක ජනතාව යනු තමන්ට කිසිවකුට අත නොපා ජීවත් වීමට හැකි ආකාරයේ වටපිටාවක් සකසා ගන්නා පිරිසකි.

ඉදිරි යල කන්නයේ ගොවි ජනතාවගේ සහය වෙනුවෙන් රට පුරා සෑම කුඹුරු සහ වගා බිමකටම හමුදා නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් කෘෂි ආර්ථිකය නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙන බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් පුන පුනා යළි යළිත් ප්‍රකාශ කරයි. එසේ නම් මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපතිවරයා සිය මෙහෙවර ඉටුකරමින් සිටී.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව යොදා ගැනීම, ගොවියාට පොහොර සැපයීමේ සිට සිට අස්වනු නෙළා ගැනීම දක්වා කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරීන් සමඟ සියලුම සම්බන්ධීකරණය කටයුතු සඳහා හමුදා නිලධාරීන් යෙදවීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇත.

1949 චීන විප්ලවය සිදු වීමට පෙර සිටම එරට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය සැකසී තිබුණේ කෘෂිකාර්මික බෝග වගාව ඇසුරු කරගෙනය. ඇමරිකානු ලේඛිකා පර්ල් එස් බක් ගේ The Good Earth, සිංහල අනුවාදය “සාරභූමි” ග්‍රන්ථයේ සඳහන් ජීවන ක්‍රියාවලියම කෘෂි කර්මාන්තය හා බැඳුනකි.

කෘෂි කර්මාන්තය තුළින් ගොවියා සිය ජීවිකාව සරි කර ගන්නා ආකාරයත්, ඔහුගේ පරිභෝජනයේ අතිරික්තය ඉතිරි කිරීමට යොදා ගන්නා ආකාරයත් මෙම ග්‍රන්ථය තුළින් ප්‍රකට කිරීමට පර්ල් එස් බක් කටයුතු කර තිබුණු අතර, මෙම පොතට 1938 වර්ෂයේ දී නොබෙල් සම්මානය ද හිමි විය.
1949 විප්ලවයට පෙර චීන ගොවි ජනතාවගේ සැබෑ තතු හෙළි කර තිබූ ආකාරයෙන්ම ඊට දශක කිහිපයක් යන්නට මත්තෙන් චීන ග්‍රාමීය ජනයා අතර ඉතිරි කිරීම සිය ජාතික ධනය ගණනය කිරිම දක්වා ඉහළයාමත් සමස්ත ලෝක ආර්ථිකය සියතට ගැනීමට තරම් චීන ජනතාව ප්‍රබල වීමත් සනිටුහන් කරනු ලැබූයේ කෘෂිකාර්මික ආර්ථික රටාවේ ප්‍රගමනයයි.

ධරණී වසංගතයක් තුළ ශ්‍රී ලාංකික රාජ්‍ය සේවයේ සෞඛ්‍ය අංශවල සමහර පිරිස් ගෙනයන උද්ඝෝෂණ හා වැඩවර්ජන අතරේ එවැනි කිසිදු ඉල්ලීමක් නොකර සිය වෘත්තියේ ගරුත්වය රැක ගනිමින් එහි ප්‍රෞඩත්වය රටටත්, ලෝකයටත් කියාපාමින් වසංගතය මර්දනය කිරීමට, එන්නත්කරණය ඇතුළු සියලු සත්කාර වෙනුවෙන් උරෙනුර ගැටී කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවයි.

තිස් වසරක් පුරා රට තුළ පැවති බෙදුම්වාදී සිවිල් යුද්ධය ජය ගැනීමෙන් පසු, කෝවිඩ් 19 වසංගත යුද්ධයෙන් රට මුදා මුදාගැනීමේ මුදාගැනීමෙන් පසු, මෙරට තුළ කෘෂිකාර්මික පෙරළියකට සහයෝගය ලබා දීමෙන් ආණ්ඩු විරෝධී කඩාකප්පල්කාරීන්ට සිතන්නට යමක් ඉතුරු කර දීමට ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට විසින් ඉදිරියේදී සිදු කරනු ඇත.

  • තිරුවණී විජේසිංහ – Facebook
    Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan