*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

රත්නපුර සිඳුවීමේ අවුරුදු 4 කතාව එදා වුණ එකක් නොවේ… කාංචන ජයරත්න

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 27 කොළඹ (LNW): රත්නපුර ක්‍රිකට් සංගමයේ මහා සභාව තුළ දී,එහි පාලන බලයේ සිටින පිරිසට ඇති වූ විරෝධය සම්බන්ධයෙන් ඊයේ (පෙබරවාරි 26) දින පළ වූ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් රත්නපුර ක්‍රිකට් සංගමයේ සභාපති කාංචන ජයරත්න පෙන්වා දෙන්නේ එම ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට අවුරුදු හතරක ධූර කාලය සම්බන්ධ යෝජනාව එදා පැමිණි එකක් නොවන බවයි.


“මීට අවුරුදු දෙකකට ඉස්සසෙල්ලා තමයි ඒක ආවෙ.එදා ඒක පදනම් කරගෙන සංවිධානාත්මක විරෝධයක් ඇති කළා.ඒ සඳහා ජවිපෙ සහ සජබෙ දේශපාලන පක්ෂ නියෝජනය කරන නීතිඥවරුන් දෙදෙනෙක් ද රැඟෙන ඇවිත් තිබුණා.”
යනුවෙන් කාංචන පවසනවා.


ඔහු ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ ක්‍රීඩා කළ අයෙක් හැටියට ඇති ආදරය නිසා බව පෙන්වා දෙන කාංචන,ඒ හරහා කිසිඳු දේශපාලන වාසියක් ලබා ගැනීමට අපේක්ෂා නොකරන බව පැවසුවා.ව්‍යවස්ථානුකූලව නිලවරණයක් පැවත්වීමේ ක්‍රමවේදයක් තිබෙන බව පැවසූ කාංචන තමන්ව ප්‍රතික්ෂේප කරනවානම් බලයේ බලෙන් රැදී සිටීමට අවශ්‍යයතාවයක් නැති බවත්,ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව නිලවරණයක් පැවත්වීමට අවශ්‍යය කටයුතු සකස් කරන බව කියද්දිත් සභාව පවත්වා ගෙන යාමට සංවිධානාත්මකව පැමිණි පිරිස බාධා කළ බවත් පෙන්වා දුන්නේය.


රැස්වීම කැද වූ පුද්ගලයා හැටියට එය පැවත්වීමට ව්‍යවස්ථානුකූලය ඉඩ නොලැබෙන අවස්ථාවේ තමන් එයින් ඉවත්ව ගිය බවත්,.තමන් විසින්ම සූදානම් කළ සංග්‍රහ කටයුුතු පවා තමන් සහ තමන් සමඟ පැමිණි පිරිස භුක්ති විදීමට නොසිටි බවත් පැවසූ කාංචන ජයරත්න සභාපතිවරයා පැවසුවේ ව්‍යවස්ථානූකූලව නිලවරණය පැවත්වීම සිඳු කරනවා හැර බලහත්කාරයෙන් තනතුරුවල රැදී සිටීම තමන්ගේ අරමුණ නොවන බවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan