*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මෛත්‍රී එක්ක හරි මග යන්න හදන විමල්, ගම්මන්පිල වගේ කාඩ්බෝඩ් වීරයෝ කොහෙවත් නෑ – රෝහිත

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා එක්ව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලාසනයේ තබාගෙන “මුළු රටම හරි මගට” ගන්නට කතා කිරීම ලෝක විහිළුවක් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

“මුළු රටම හරි මගට ගෙනියන්න හදනවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. 2015 ඉඳන් 2019 අවසානය වෙනකල් මුළු රටම නොමගට යවපු, රට විනාශ කරපු නායකයාව මූලාසනේ තියාගෙන විමල් වීරවංශ උන්නැහේ රම්පෙට පොරි හැලෙන්න දෙනවා, ගහන්නෙ කාටද ? ආණ්ඩුවට. වක්‍රාකාරයෙන් ගහනවා අපේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාට. කැබිනට් අමාත්‍ය ධුරයේ සියලුම වරප්‍රසාද ටික අඩුපාඩුවක් නැතුව භුක්ති විඳිනවා. භුක්ති විඳගෙන, මයික් එකක් ළඟට ආව ගමන් මයික් ටයිසන් වගේ හොඳට රිදෙන්න ගහනවා.

විමල් වීරවංශ මහත්තයා මේ වගේ හැමතැනම කතා කරලා තියෙනවා. මේ තියෙන්නෙ ( මෛත්‍රීපාල සිරිසේන මහතාට බැනවදින වීඩියෝවක් පෙන්වයි ) 2015 ඒ ආණ්ඩුව ඉවත් කරන්න කුමන්ත්‍රණයක් කරලා, ඒ කුමන්ත්‍රණය කරපු පාර්ශ්වකරුවන් එක්ක තමයි එක වේදිකාවට ගිහිල්ලා මේ යන්න හදන්නෙ හරි මගට. හරි මගට යන්න හම්බෙන්නෙ නෑ මෙහෙම ගියොත් එහෙම මුළු රටම මහමගට යන්න වෙන්නෙ මේගොල්ලොත් එක්ක එකතුවෙලා.

දැන් මේ විමල් වීරවංශ බොරදියේ මාළු බාන්නෙ මොකටද ? ඊළඟ මැතිවරණයකදී කොයි පිලට ගිහිල්ලාද ඡන්දෙ ඉල්ලන්නෙ කියන එකට. ඔය උන්නැහැලාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි වේදිකා හදලා දුන්නෙ. ආණ්ඩුවත් එක්ක ඉන්න බැරිනම් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තියෙන්නෙ. අපි මේ බලහත්කාරයෙන් ගැටගහගෙන, කිරි පොවපොවා තියාගන්න අපට වුවමනාවක් නෑ. මේගොල්ලොන්ට වැඩිය කාඩබෝඩ් වීරයෝ කොහෙවත් නෑ. මයික් ටයිසන්ලා, ඒකයි වෙලා තියෙන්නෙ. අඟේ ඉඳන් කන කන වැඩක් මේ ක්‍රියාත්මක කරන්නෙ. උදය ගම්මන්පිල විෂය භාර ඇමතිවරයා දැනගන්න ඕනෙ රටට තෙල් ටික ගෙනල්ලා දෙන්න. තෙල් පෝලිමක් එනකොට අපි නෑලු. තෙල් පෝලිම බලාගන්න ඕනෙ බලශක්ති ඇමතිවරයානෙ. නැතිව බලශක්ති ඇමතිකම මොකටද පොල් ගාන්නද ?”

රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (03) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan