මැදපෙරදිග රටවල් තුනක් තමන්ට වූ පොරොන්දුව විපක්ෂ නායක සජිත් හෙළිකරයි (VIDEO)

සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන්ට මේ වැටී ඇති රට ගොඩනැගීමට හැකි බවත් එය ඉටු කිරීමේ හැකියාව තමන් සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වසර දෙකකට සහනදායි ක්‍රමය යටතේ තෙල් ලබා ගැනීම වෙනුවෙන් මැදපෙරදිග රටවල් තුනක් සමග තමන් සාකච්ඡා කළ බවත්, එම රටවල් තුනම ඊට එකඟව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, එහෙත් වර්තමාන පාලනය යටතේ එවන් සහයක් ලබාදීමට එම රටවල් අකමැති බව ද සඳහන් කළේය.

රට වැටී තිබෙන බරපතළ අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ යුතු බව කී ඒ මහතා, වංචාව දූෂණය මර්දනයෙන් තොරව ඒ වෙනුවෙන් කැපවිය යුතු බවද පෙන්වා දුන්නේය.

Project Leopard වැඩසටහන යටතේ “ලෝක වනජීවී දිනය” නිමිත්තෙන් යාල සුභ සාධක හා අන්‍යෝධාර සමිතියට ජල පෙරණ යන්ත්‍ර 10ක් සහ රූපවාහිනී යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ සත්කාරමය මෙහෙවරට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) මේ බව පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...

චිචිගේ රොකට් එක කඩන් වැටුණා වගේ තමයි නාමල්ගේ එයාර්බස් එකත් පැලවත්තට කඩන් වැටෙන්නේ – පොහොට්ටු මහලේකම්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:චිචිගේ රොකට් එක පැලවත්ත කාර්යාලයට කඩන් වැටුණ...