*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ඔවුන් රට පාවාදෙන්නයි හැදුවේ – විමල්, ගම්මන්පිල ඉවත් කළ හේතු ජොනී පැහැදිලි කරයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් තනතුරුවලින් ඉවත් කළේ ඔවුන් කලක් තිස්සේම තමතමන්ගේ බල අරමුණු වෙනුවෙන් විපක්ෂයට අවශ්‍ය පරිදි රට පාවාදීමේ ක්‍රියාදාමයක නිරත වීම නිසා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

“විපක්ෂයේ කාර්යභාරය කරන තෙල් ඇමතිකෙනෙක් තමයි හිටියෙ. එතුමා කාර්යාලයෙන් එළියට ආ ගමන් කියනවා තෙල් තියෙන්නෙ දවස් 4යි, තෙල් තියෙන්නෙ දවස් 7යි, හතෙන් පස්සෙ නෑ, ඩොලර් දෙන්නෙ නෑ, ඇපල් ගේනවා, මිදි ගේනවා …. පුදුම ඇමතිවරු නේද ? ඇමති කියනවා නම් දවස් 4යි තෙල් තියෙන්නෙ කියලා ජනතාව බයවෙන්නෙ නැද්ද ? ඇමතිවරුත් බයයි ! ඊයෙ රාජ්‍ය ඇමතිවරයෙක් කියනවා ඒ ඇමතිතුමා කියන කතාව අහලා එතුමාත් ගෙදර ගිහිල්ලා තෙල් බැරල් තුනක් පුරවාගත්තාලු. ඉතිං රුපියල් 500 ට බයිසිකලේට තෙල් ගහන මනුස්සයා ෆුල් ටෑංක් ගහගන්නවා, මොකක්ද වෙන්නෙ ? ජනතාව පීඩනයට පත්වෙනවා.

ඒ අවශ්‍ය කරන සැලසුම් ලෙස කිසිම ඇනවුමක් කරලා නැහැ. ඊළඟට තෙල් පිරිපහදුව වැහුවා. මේ හැමදෙයක්ම කෙරුවේ ඔය කරන ගමන් මොනවද කිව්වෙ ? මාර්තු මාසෙ වෙද්දී මහා විශාල ප්‍රශ්නෙකට අපි මුහුණ දෙනවා කියලා. දැන් මාස ගාණක් ඉඳලා කිව්වෙ. ඒ කියන්නෙ ඒගොල්ලන්ගෙ ඉලක්කයක් තිබුණා. ඒ ඉලක්කය තමයි ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා පෙන්වාගෙන ආණ්ඩුවට විරුද්ධව වැඩ කටයුතු කිරීම.

කර්මාන්ත ඇමතිතුමාට දීලා තියෙනවා ලංකා ඉතිහාසයේ වැඩිම මුදල. කිසිම කර්මාන්ත ඇමති කෙනෙකුට එච්චර දීලා නෑ අපෙ හාමුදුරුවනේ. බිලියන 5ක් ! ලක්ෂ 50,000 ක් දුන්නා මේ රටේ කර්මාන්ත අලුතින් ඇතිකරලා දියුණු කරන්න. ඒවා කිසිදෙයක් නොකර විපක්ෂයට ඕනෙ දේ කළේ. තමන්ගේ අනාගතය ගැන කල්පනා කරලා, තනතුරුවලට එන්න, මේ රට පාවාදෙන වැඩේ තමයි, ආණ්ඩුව පාවාදෙන වැඩේ තමයි ඒගොල්ලො කෙරුවේ.

ඒ නිසා ජනාධිපතිතුමාගෙන්, කැබිනට් මණ්ඩලය සහ විශාල පිරිසක් ඉල්ලීම් කෙරුවා මෙහෙම ගියොත් මේ ආණ්ඩුව ගෙනියන්න වෙන්නෙ නෑ, කරුණාකරලා ඔබතුමා නිසි තීන්දුවක් ගන්න කියපුවාම එතුමා නිසි තීන්දුවක් ගත්තා ඇමතිවරු දෙන්නෙක් ඉවත් කරලා. ඉතින් අපිට අභියෝග මහින්ද රාජපක්ෂ මහත්තයාට එදාත් ඇතුළෙන් තිබුණා. එදා මංගල – ශ්‍රීපති කරපු දේ අපි දන්නවා, කරන්න හිටපු දේ අපි දන්නවා, මොකක්ද තිබුණු කුමන්ත්‍රණය අපි දන්නවා. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ඡන්දෙන් වැඩියෙන්ම වැඩ කරපු මංගල සමරවීර ඇමතිතුමාවත් ශ්‍රීපති සූරියාරච්චි ඇමතිතුමාවත් ඉවත් කෙරුවා. ඉවත් කෙරුවෙ නැත්නම් යුද්ධෙ දිනන්න හම්බුවෙනවාද ? නෑ … එහෙම වුණා නම් යුද්ධෙ එදා පරදිනවා. ජනාධිපතිවරයෙක් වුණාම, රටක නායකයෙක් වුණාම කොච්චර හිතවත්කම් තිබුණත්, කොච්චර හිතවත් කියලා පෙන්නුවත් වංකභාවය එද්දී නායකයා තීන්දු තීරණ ගන්න ඕනෙ”

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (04) ඇහැළියගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan