*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/19

  1. මීළඟ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමුකරයි – මීළඟ පොලිස්පතිවරයා “පොලිස් බලකායේ සේවයේ ආදර්ශවත් සහ කිසිදු කැළලක් නොමැති සහ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය නැවත ඇති කිරීමට සමත් නිලධාරියෙකු වීම අතිශයින් වැදගත්” බව අවධාරණය කරයි – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට නියමිත බවට මීට ඉහත වාර්තා පළවී තිබිණි.
  2. “ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු බලධාරීන් විසින් පාර්ලිමේන්තු කාරක සභාවක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ප්‍රශ්න කිරීම කොපමණ යෝග්‍යය ද යන්න වඩාත් ප්‍රවේශමෙන් සලකා බලනු ඇතැයි ද, අධිකරණ නියෝගවලට අවනත නොවීම දිරිමත් කිරීම කිසිවිටක නිවැරදි ක්‍රියාවක් යැයි සාධාරණීකරණය කළ හැකි ද යන්න ශ්‍රී ලංකා රජය වඩාත් හොඳින් සලකා බලනු ඇතැයි ද තමා අපේක්ෂා කරන බව” එංගලන්තයේ සහ වේල්සයේ නීතීඥ කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
  3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළඹි එකඟතා එළඹෙන සතිය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි – එවිට, විපක්ෂය සහ මේ පිළිබඳ විවිධ මත දරන පාර්ශවයන්ට ඊට අදාළ යෝජනා ඉදිරිපත් කළ හැකි බව ද අවධාරණය කරයි.
  4. පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අද දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත ය – මහ නගර සභා 29 ක බලය මහ නගර සභා කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36 ක සහ ප්‍රාදේශීය සභා 275 ක බලය ඒ ඒ ආයතනයල ලේකම්වරුන් වෙත පැවරීමට ද නියමිත ය.
  5. මැතිවරණ කොමිෂන් සභාව විසින් පැවසූ පරිදි පළාත් පාලන මැතිවරණය කිසිසේත්ම 2023 අප්‍රේල් 25 වන දින නොපැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි – මීළඟ ජනාධිපතිවරණය එළඹෙන නොවැම්බර් මස ප්‍රකාශයට පත්කරන බව ද පවසයි.
  6. මීට වසර 12 කට පෙර වව්නියාවේ සිදුවූ මාර්ග අනතුරකට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ හිටපු පා.ම. ජේ. ශ්‍රී රංගා මාර්තු 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
  7. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ආහාර සහ භාණ්ඩ බෙදාහැරීමේ සේවාවක් වන ‘UberEats’ විසින් විද්‍යුත් පා පැදි 100 ක් එක් කිරීම සිදුකරයි – මෙම පා පැදි නිශ්පාදනය කර තිබෙන්නේ මෙරට විශාලතම පා පැදි නිපදනවන සමාගම වන ලුමාලා විසිනි – බෙදා හැරීමේ සේවාවන් හි තිරසාරභාවය සහ සීඝ්‍රගාමීත්වය පවත්වා ගැනීමේ අරමුණින් මෙලෙස විද්‍යුත් පා පැදි තම සේවාවට එක් කිරීම සිදුකර තිබේ.
  8. තම ‘අසල්වැසියා පළමු කොට සැලකීමේ’ ප්‍රතිපත්තිය ඇසුරින් ණය බරින් පීඩා විඳින ශ්‍රී ලංකාවට සහාය වන බව ඉන්දියාව නැවත වරක් ප්‍රකාශ කරයි – මෙහි නවතම පියවරක් ලෙස ඉකුත් දින කල්මුනේ ප්‍රදේශයේ සලාක බෙදා දීම සිදුවිය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්, රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය විනිවිදභාවය, සියලු ණයහිමියන්ට සමාන සැලකීම සහ සියලු ප්‍රතිව්‍යුහගත ණයවල බර සාධාරණලෙස බෙදාගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සහතික වී තිබේ.
  9. ජාත්‍යන්තරය හමුවේ රටේ ප්‍රතිරූපය නිවැරදි කරනු වස්, ‘Brand Sri Lanka Creation Symposium’ නමින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් නව එකමුතුවක් පිහිටුවා තිබේ – මෙම එකමුතුව හරහා රට ප්‍රතිසන්නාමගත කිරීම අපේක්ෂා කරන අතර, ඒ සඳහා සන්නාමකරණය, ව්‍යාපාර නායකත්වය සහ ප්‍රතිපත්ති සම්පාදනය ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණයන් එක් වේදිකාවකට රැගෙන ඒම අපේක්ෂා කෙරේ – මෙමඟින් ශ්‍රී ලංකාව පිළිබඳව දැනටමත් ව්‍යාප්ත වෙමින් පවතින සෘණාත්මක අදහස් මුලිනුපුටා දැමීමට ඔවුන්ගේ අභිලාෂය වී තිබේ.
  10. 144 වන නිල් මහා සටනින් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරදා කොළඹ රාජකීය විද්‍යාලය ජය ලබයි – පළමු ඉනිම තුළ රාජකීය විද්‍යාලය කඩුලු 08 කට ලකුණු 326; ශාන්ත තෝමස් විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 153 – දෙවන ඉනිම තුළ රාජකීය විද්‍යාලය ලකුණු 168; ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 161 – සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි – මාර්තු 20 වන දින විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජකීය විද්‍යාලය විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan