යුද අපරාධ අධිකරණයට හයිපර්සොනික් මිසයිලවලින් පහර දෙන බවට රුසියාවෙන් තර්ජන

Date:

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට යුද අපරාධ සම්බන්ධයෙන් එල්ලවන චෝදනා හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය(ICC) විසින් වරෙන්තු නිකුත්කිරීමෙන් අනතුරුව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්විඩෙව් හේග්හි යුද අපරාධ අධිකරණයට හයිපර්සොනික් මිසයිලවලින් පහර දෙන බවට තර්ජනය කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් සිය කනස්සල්ල ප්‍රකාශ කර ඇති අතර, යුධ අපරාධ ඇතුළු හා යුක්රේන දරුවන් 16,000කට වැඩි පිරිසක් රුසියාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මෙම වරෙන්තු නිකුත්කර තිබේ.

රුසියාව හෝ යුක්රේනය අන්තර් ජාතික අපරාධ අධිකරණයේ(ICC) සාමාජිකයන් නොවුවද මෙම නීතිමය පියවර මඟින් රටල් 123ක් විසින් පුටින් අත්තඩංගුවට ගැනීමට බැඳී සිටියි. කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් මොස්කව් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ සාපරාධී අපරාධ කිරීම සඳහා තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...

රනිල්ව අත්අඩංගුවට ගැනීම ගැන චන්ද්‍රිකාත් විරෝධය පළකරයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්...