*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ත්‍රීවිල් එකට සෙට් වුණ අයියගේ තරඟ විස්තරය

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 26, කොළඹ (LNW): රෑ 8.45 ට මැච් තියන එක මරන වැඩක්.ඒත් දිනපු මැච් එකක වින්දනය නිසා මහන්සිය කකුල්වලට දැනෙන්නෙ අඩුවෙන්.දුවලා ගිහිං බ්ලූම්ෆීල්ඩ් එක පන්නලා NADA ගාවා හිට ගත්තා.ඌබර් එකක් දා ගෙන වාහනයට නඟින කොටම අංකල් කෙනෙක් කිව්වට නග්ගගෙන කතා කරද්දි මට වඩා අවුරුදු 15 ක් විතර වැඩිමල් අයියා කෙනෙක්.මට වඩා හොඳට අවුරුදු 10 ට විතර පස්සෙ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමක් භූතානයට ගහනවා විඳපු කෙනෙක්.


ඉස්සෙල්ලම සිද්ධ වුණේ රාජකීය ක්‍රීඩා සංකීරණය පැත්තෙන් දුවගෙන ඇවිත් වාහනය නවත්තන්න උත්සාහ කිරීම.රියදුරු මල්ලිට මං කිව්වා නවත්තන්න.ඊට පස්සෙ අංකල් අයියගෙ ප්‍රතිචාරය වුණේ අනේ සොරි මං දැක්කෙ නැහැ කෙනෙක් ඉන්නවා කියලා කියන එක.


මං ඇහැව්වා කොහාටද කියලා.උත්තරය වුණේ රාජගිරිය.
මං යන්නෙ ඒ පැත්තෙන් නඟින්න.කියලා මගේ ඇරයුම ආවෙ ඊට පස්සෙ.
කමක් නැද්ද කියලා අහගෙනම මනුස්සයා අසුන් ගෙන අහවරයි.එයා ෆුට්බෝල් හවුස් එක පැත්තෙ එළිමහනෙ ඉඳගෙන මැච් එක බලපු කෙනෙක්.හීනියට දෙකක් නමාගෙන තවමත් මැච් එකේ ඩිලන් දුන්න කික් එකටයි,කෙලාර්ට් දුන්න කික් එකටයි වැඩිය හොඳ කික් එකක ඉන්නෙ.
උන් සුද්දො වගෙ වුණාට හොඳට ගැහැව්වනෙ.ඒත් ඉතිං ලැජ්ජයි නේද මල්ලි?


ඇත්තටම මං අංකල්ව අයියා කරගන්න ඉස්සෙල්ල,අංකල් මාව මල්ලි කර ගත්තු තැන හම්බ වුණේ එතැනයි.
එයාට ලැජ්ජාව වුණේ ගහපු ගොඩ දෙනෙක් විදේශයන්හී ඉන්න ශ්‍රී ලාංකේය ක්‍රීඩකයින් වෙමින් ජයග්‍රහණය වෙනුවෙන් දක්වපු දායකත්වයයි.


ඒ මිනිස්සු ලංකාවෙන් ගිහිං තියෙන්නෙ ඇයි?මොනව හරි හේතුවකට මේ රටට වැඩිය දැන් ඉන්න රට හොඳ හින්දනෙ.අපි ඉන්න රට ඒ මිනිස්සුන්ගෙ සීයලා මුත්තලගෙ කාලෙ ඉදළම ඒ මිනිස්සු දැන් ඉන්න රටවලට වඩා පහතින් තියෙන එක ගැන ලැජ්ජා නැද්ද?


මනුස්සයා මං දිහා හැරිලා බැලුවා.ස්මෝක් කරනවද හැබැයි 100 එවා ඇත්තෙ.
මං ඒ සිගරට් එකට කැමති නැති බවත්,මඟින් ඩන්හිල් එකක් ගෙන උරන බවත්,එයාගේ දුම්බීමට ත්‍රීවීල් මල්ලිත් විරුද්ධ නැති නිසා බීමේ අර්බූද්යක් නැති බවත් පැවසුවා.


මනුස්සය බොහොම බරට දුම් උගුරු ටික අඳිනවා.ඇස් තියෙන්නෙ ඇතුළෙ නෙමෙයි පාරෙ.


“ ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕනි එදාටත් වැඩිය මේ රටේ මිනිස්සු රට අත ඇරලා යන එක ගැන.හොඳ ෆුට්බෝල් ප්ලේයර්ස්ලා රට ගිහිං පොඩි වැඩ කරනවා මේ රටේ ජිවත්වෙන්න විදිහක් නැතුව.අම්මගෙ ජාති ආලයක් නේද මල්ලි අපි රන් කරන්නෙ.මට උන් රටින් ආවා කියලා අයිඩියා එකක් තිබුණෙ නැහැ.හැබැයි මල්ලි කිව්ව අයිඩියා එක තිබුණෙත් නැහැ.එතැන හිටියෙ අපි වගෙ අනිත් පැත්තෙ ඉඳගන්න චාන්ස් එකක් නැති දුප්පත් මිනිස්සු.උන් හිටියෙ ලොකු අවුලක මේ ගහන්නෙ සුද්දොනෙ කියලා.දැන් තමයි මට තේරෙන්නෙ ඇත්තටම අපි දුප්පත් වෙලා ඉන්නෙ කොහොමද කියන එක”


මනුස්සයගෙ ඇස් පොඩ්ඩක් රතු වෙලා,තෙත් වෙලා වගෙ.


“අපි තවම කරන්නෙ දිනුවත් පැරදුණත් කොඩිය වනන එක.උන් ඇවිත් අපිට හැමදාම පැරදිලා වනපු කොඩිය, දිනලා වනන්න හදලා දුන්නා.තෑන්ක්ස් මල්ලි.උන් පට්ටයි.උන්ට මේ රටේ හිටියනම් ලංකාවට මේ විදිහට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක් කරන්න ලැබෙන්නෙ නැහැ.අපි වගෙ තේරුමක් නැතුව බනින්න ඕනි දේ ට හොඳ කිය කිය,හොඳ කියන්න ඕනි එකට බැන බැන ඉන්න ඕනි.”


මනුස්සයා කතාව නවත්තලා ලොකු හුස්මක් ගත්තා.මගෙ අත අල්ලලා මිරිකුවා.පිටට තට්ටුවක් දැම්මා.
“හාෆ් ටයිම් එකට ඉස්සර තව දෙක තුනක් ගහන්න තිබුණා.ඩිලන් තනියෙන් ගහන ගේමක් නෙමෙයි මේක ටීම් එකක් ගහන එකක් කියලා තව තේරුම් ගන්න ඕනි මල්ලි.සමහර විට එක එක්කෙනා දන්නවා මදි නිසා වෙන්න ඇති.ඒ වුණාට දැක්කනෙ වසීම් ඩිලන්ට ගෝල් එක ළඟ ඉදලා කරකවපු එක.ඒව තමයි ෆුට්බෝල්.ඊට පස්සෙ අර අලුත් හාදයා අංක නවේ ගහගෙන ගහපු කෙනා වසීම්,ඩිලන් දෙන්නත් ට්‍රයි කරපු එක තමයි එයා ගැහැව්වෙ.”


මං එයාට දැන ගන්න නම්බර් නයින් ඔලිවර් ජෙම්ස් කෙලාර්ට් කියලා කිව්වා.මං ඒක කිව්වෙ නෙවිල් ඇන්තනී මාධ්‍ය සහෘදයා එවපු ටීම් කාඩ් එක වට්ස්ඇප් එකෙන් ඕෆන් කරගෙන.
ඕකෙ අර බැම්මක් බැන්ද වගෙ ඩිෆෙන්ස් එකක් දුන්න 23 හාදයගෙ නම නැද්ද?
මනුස්සය මම වට්ස්ඇප් එක බලාගෙන නම කිව්ව කියලා දැනගෙනයි අහන්නෙ කියලා මං දැන ගත්තා.
“ජේසන් තයාපරන්”


මං යාපනයෙ මාධ්‍ය අයිතීන් ගැන මානව හිමිකම් ගැන වෙහෙසෙන ආදරණීය මාධ්‍ය මිතුරා තයාපරන් ගැන මතක් කර කර කිව්වා.


එදා මෑන් ඔෆ් ද මැච් වෙච්චි කෙනා නම් අද මදි ගැහැව්වා මල්ලි.
මං කිව්වා ඒ අංක 21 ගැහැව්වෙ ආදවන් රාජමෝහන් බව.
අන්තිමට දාපු අංක 5 ත් පොඩි අවුලක ගැහැව්වා වගෙ දැනෙනවා.ඒ විනාඩි ගාණෙදි ගෝල ගහන්න කියන උනන්දුව නිසා වෙන්නත් ඇති.


මම අංක 5 වගේම 18 ගැහැව්වෙත් සහෝදරයන් බවත් ඔවුන් පිළිවෙලින් රාහුල් කෙවින් ඇන්තනී සුරේෂ් සහ භාරත් සන්ජායි ඇන්තනී සුරේෂ් බවත් පැහැදිළි කළා.
“අකීබ්ට ආපු චාන්ස් දෙකක් මිස් වුණා.ඒ දෙක අකීබ්ට නැතුව ටීම් එකට ගන්න හිකුවනම් අපි හතරයි.මං හිත හිතා හිටියෙ චලනයට වඩා අකිබ් දැම්මනම් හොඳයි කියලා.පස්සෙ හිතුණා චලනයා අකීබ්ට වඩා ටීම් එකට ගහන එකෙක් කියලා.”


මනුස්සයා වැරද්දෙන් නිවැරදි වෙන්න උනන්දු අයෙක්ය.
“මල්ලි දන්නවද ෆසාල් අවුරුදු 16 ක් ලංකාවට ගහපු එකා.කැප්ටන් කළා.අමාරු කාලෙ ෆුට්බෝල් පැරදි පැරදි ඇඳන් ගිය උන්.උට මුල ඉදලා ගහන්න දෙන්න තිබුණා අන්තිම මැච් එක නිසා කියලා අව්ව වැස්ස නැතුව ෆුට්බෝල් ආතල් එක ගැලරියෙ ඉදන් ගන්න මිනිස්සු කතා වෙවී හිටියෙ.හැබැයි භූතාන් උන් ගහපු හැටියයි,ෆසාල් අන්තිම මොහොතෙ බැහැල ගහපු හැටියයි දැක්කම ඌ යන මැච් එක දිනන මැච් එකක් කරන්න නොගහපු එකම හොඳයි කියලා හිතුණා.”
මනුස්සයා ආයෙත් නිවැරදි වුණා.


මල්ලි බොනවද?
මම හිනාවෙලා ඔව් කිව්වා.
“ෂිහ් යන්න ඉස්සෙල්ලා සෙට් වෙන්න තිබුණෙ.එහෙනම් මැච් එක බලන්නෙ මීට වඩා ලංකාවෙ වෙලා.නෝම්බි ඇරලා භාගයක් ගැහැව්වා බියර් චුට්ටක් එක්ක.ඊට පස්සෙ කොකා කෝලා එකකට කාලක් දාගෙන නෝන්ඩි නැතුව අරගෙන ගියේ කික් එක තියාගන්න.”
අයියණ්ඩිය තමන් මේ තරම් උද්යෝගයෙන් සහ උණුසුමෙන් තැබීමට අනුපාන කළවම් වූ හැටි පැහැදිළි කර දෙමින් පවසන්නේය.


බණ්ඩාරනායක පුර හරියෙන් බැහැලා රුපියල් 100 ක් හරි ගන්න කියලා මනුස්සයා වඳ කරනවා.මම එපා කිව්වම ආයෙ ත්‍රීවීල් එකට නැග්ගා.මං සිගරට් එකක් ගන්නෙ කොහෙන්ද අහලා.
ෂෙඩ් එක ළඟින්, බුත්ගමුව පාරට හැරෙන තැන පොඩි කඩයක් තියෙනවා.


මගේ උත්තරය අරගෙන මනුස්සයා කඩේ ළඟින් මා එක්ක ඇවිත් බැහැලා ඩන්හිල් දෙකයි,100 එවා පහයි අර ගත්තා.ඩන්හිල් ඉතිං මනුස්සය බොන්නෙ නැහැනෙ.දැන් සීයක් හරි දෙන්න හදපු කෙනා මට 320 ක් ම වියදම් කරලා.ඒ වෙලාවෙ එකක් පත්තු කරා.දැන් මේ ලියන්න ඉස්සෙල්ලා අනිත් එක පත්තු කරා.
“මල්ලි මුන් ටික තව එකට ප්‍රැක්ටිස් කරන්න ඕනි.එහෙම වුණොත් ඉන්දියාවටත් ගේමක් නැහැ.ටීම් එකක් හැටියට තව සෙට් වෙන්න ඕනි.ෆුට්බෝල් තනියෙන් ගහන්න ඕනි ගේමක් නෙමෙයි.ටීම් එකක් ගහන්න ඕනි එකක්.ගෝල් එක පෙනි පෙනි හරි තමන්ට සීයට සීයක් ෂුවර් නැත්නම්,ඊට වඩා ෂුවර් එකෙක් පේනවනම් ගෝල් එක ගහන්න උට පාස් එක දෙන්න ඕනි.මේවා කට කහනවට කියන්නෙ නැහැ මල්ලි.මේ බලන්න ෆුට්බෝල්වලින් ලැබුණු දේවල් තමයි ඉතිං”


අයියා සිය කළිසම මදක් ඉහළට ඔසවමින් දණහිසට පහළින් ඇති ලොකු ශල්‍ය කර්මයක සළකුණු පායි.ඉනික්බිති මගේ හිස අතගායි,ඔහුගේ නහයට අත ගෑ අත තබා සිප ගනියි.
“බොක්කක් තමයි,පරිස්සමෙන් බස්සන්න”


අවසානයේ ඔහු ත්‍රීවිල් රියදුරුට අවවාද කරමින් ත්‍රීරෝද රථය බුත්ගමුව පාරය හැරෙන තෙක්ම හිට ගෙන බලා සිටියේය.


මට අද මැච් එකේ වැඩේ ඩිලන් ගහපු ගෝල් එකයි,කෙලාර්ට් ගහපු ගෝල් එකයි නෙමෙයි මල්ලි,වසීම් ගෙ හෙඩ් එක.උන්ගෙ ගෝලිගෙ අතේ වැදිලා මිස් වුණත්, එහෙම හෙඩ් කෙරිලි අපි බලන්නෙ ටීවී එකේ වර්ල්ඩ් ක්ලාස් ප්ලේයර්ස්ලා ගහද්දි විතරයි.මගෙනම් මෑන් ඔෆ් ද මැච් වසිම්”
ඔහුගේ මැච් කියවීම වැරදි නැත.කකුල් කඩාගෙන පාපන්දුව වෙනුවෙන් ජිවිතය කැප කරපු මිනිස්සු අවදි වී ඇත.ලංකාව විසින් අහිමි කර ගත් මිනිස්සු ලංකාවට පාපන්දු වසන්තය ගෙන දීමට පැමිණ ඇත.ලංකාවෙන් ගොස් “මම ඩයස් මී,ඉතාලියේ සිට ආමි” ලෙස ජාතික කොඩියද රැඟෙන තමන්ම,තමන් රණවිරු ගායෙන් පෙළෙන බව කියමින් පැමිණි අයට වඩා මේ පාපන්දු ක්‍රීඩා කරන්න ඇවිත් තියෙන මිනිස්සු ජාතික කොඩිය ඉහළ නංවන්නට සමත්හූ වෙති.ඉතිං යළිත් ඩයස් මී ලා වෙනුවට ඇත්තටම රටට කීර්තිය ගෙනෙන කෙලාර්ට්ලා,ජේසන්ලා,වසීම්ලා,ආදවන්ලා සහ ක්ලෝඩියෝලා වැනි රටට සැබවින්ම ජය ගෙනෙන මිනිසුන්ට හුරේ දමන්නට අපි එක්විය යුතු වන්නෙමු.


සැබෑ වීරයන් හඳුනාගැනීම අපට ඉතිහාසයේ සිටම වැරදුණු ජීවතයෙන් මග හැරුණු පාඩමකි.ඒ ගැන දේශපාලනික සවිඥාණකිත්වයෙන් නොවුණත් ශ්‍රී ලංකා ෆුට්බෝල් අද සවස රාත්‍රි 7.00 ට තුරඟ තරග පිටිය ආදරය දැනෙන පාපන්දු ප්‍රේක්ෂකයන්ට ජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩකයන් සමඟ ඡායාරූප ගැනීමට ලබා දෙන ඉඩ අතිශයින් වැදගත් ආදරය කළ යුත්තන්ට ආදරය කරන්න පොළඹවන වැඩක් ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan