කොරියානු ක්‍රීඩිකාව සමඟ සම ලකුණු ගෙන පරදින්නට වූ නෙත්මිට පදක්කම් දුර වැඩි වෙයි

නිශ්මං රණසිංහ මාර්තු 28 කොළඹ LNW :

ආසියානු ජ්‍යෙෂ්ඨ කාන්තා මල්ලවපොර සූරතාවලියේදී කිලෝ ග්‍රෑම් 57 ඉසව්වෙන් තරග වදින ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මල්ලව පොර තරගවලදී ශ්‍රී ලංකාවට එම ක්‍රීඩාවෙන් පදක්කම් දිනා දුන් එකම ක්‍රීඩිකාව වන නෙත්මි අහිංසා කොරියාවේ යන්ග්ජින් ක්වෝන් වෙතින් පරාජය ලැබුවාය.ලකුණු 8 – 8 ක් ලෙස සම වූ තරගයේ අවසාන ලකුණ ලබා ගනිමින් යන්ග්ජින් ජය ලබා ගත්තාය.කොරියානු ක්‍රීඩිකාව සහභාගි වූ දෙවන තරගයේදී සිංගප්පූරුවේ ඩැනියල් ෂූ චින්ග් ලිම් පරාජයට පත් කළේ ලකුණු 7-0 ක් ලෙසය.


එහෙත් අවසාන පූර්ව තරගයේදී උතුරු කොරියාවේ ඊ සිම් සන් වෙතින් ලකුණු 6-0 ක් ලෙස යන්ග්ජින් පරාජය ලැබීම නිසා නෙත්මිට පදක්කමක් කරා පිවිසෙන්නට තිබෙන සියලු ඉඩ ඇහිරී ගියා.ශ්‍රී ලංකාව මේ තරගාවලියේදී ඉහළින්ම බලාපොරොත්තු තබා සිටි නෙත්මි අහිංසාට සහභාගි වූ එකම තරගය සම ලකුණු ලබා සිටියදී මල්ලව පොර නීති රීතිවලට අනුව දකුණු කොරියානු ක්‍රීඩිකාවට හිමි වූ අවසාන ලකුණ නිසා ජයග්‍රහණය අහිමි වීම අවාසනාවන්ත තත්ත්වයකි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...