Tuesday, October 4, 2022

Latest Posts

කැබිනට්ටුව විසුරුවා හැර වහාම භාරකාර ආණ්ඩුවක් පිහිටුවන්න – විමල්ලා ජනපතිගෙන් ඉල්ලයි

වත්මන් කැබිනට් මණ්ඩලය විසුරුවා හැර, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය වන පරිදි භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක සන්ධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පැවසුවේ වත්මන් කැබිනට් මණ්ඩලයට මහජනතාවගේ ගෞරවය සහ විශ්වාසය තවදුරටත් දිනාගැනීමට නොහැකි වී ඇති බවයි.

ඒ අනුව රට අරාජික තත්වයට පත්වීමට ඉඩ නොදී කැබිනට් මණ්ඩලය විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් පිහිටුවා මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පියවර ගත යුතු බවයි ඔවුන් සඳහන් කළේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.