*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 139 වැනි ස්මාර්ට් පන්ති කාමරය මුලතිව් තන්නිරූටිරු මුස්ලිම් විද්‍යාලයට

රජය පවසන ආකාරයට මේ වන විට රට ස්ථායීකරණය වී ඇති මුත් ලෝක බැංකුව කියන ආකාරයට දුගී දුප්පත්කම දෙගුණ වී ඇති බවත් මේ වන විට රටේ නව සාමාන්‍යකරණයක් ක්‍රියාත්මක වන බවත් පොලිම් යුගයක් නොමැති වුවත් දුප්පත්කම වැඩි වී ආදායම් මාර්ග කඩා වැටී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම දෙමාපියන්ට තම දරුවන්ට එදිනෙදා වේල් 3 වත් දී ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් මහ පොළොවට පය ගසා ජීවත් වී ඇති පුද්ගලයන් ලෙස උතුරේත් දකුණේත් නැගෙනහිරත් බස්නාහිරේත් දුගී දුප්පත්කම වැඩි වී ඇති බවත් රටේ හරි අඩක්ම දුප්පත්කමෙන් පීඩනයෙන් අසහනයෙන් දරිද්‍රතාවෙන් ජන ජීවිතය තෙරපී ඇති බවත් හොඳට තිබූ ජන ජීවිත කුඩා වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය කියන ස්ථායීකරණය සිදුව ඇත්තේ නව සාමාන්‍යකරණයක් තුළ බවත් එම නව සාමාන්‍යකරණය තුළ ජනතා ප්‍රශ්න අහස උසට ගොස් ඇති බවත් රැකියා වියුක්තිය වැඩි වීම මෙන්ම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසායන් ලක්ෂ 2ක් පමණ වැසී ගොස් ඇති ඇති බවට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවා පවසන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 139 වැනි අදියර යටතේ මුලතිව්, මැරිටයිම්පත්තු තන්නීරොතු මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට පසුගියදා (03) එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

ජනතාවට දෙන සහන, ශක්තිය අඩු කර ජනතාව අමාරුවේ දමා ස්ථායීකරණයකට යා හැකි බවත් ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගත් නව සාමාන්‍යකරණයකින් රටට හෝ ලක්ෂ 220 ජනතාවට වැඩක් නොමැති නිසා වහාම රටට දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එහි දී අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථා ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අන්තවාදයට නැවතත් ඉඩ නොදිය යුතු යි

දුප්පත්කම තුරන් කිරීමට, ආගමික හා ජාතික සංහිදියාව ඇති කර අන්තවාදය නැති කිරීමට අධ්‍යාපනය යොදා ගත හැකි බවත් කිසිදු අන්තවාදයකට ඉඩ නොතැබිය යුතු බවත් රටක් ලෙස එක අම්මගේ දරුවන් ලෙසින් මැද මාවතක එක හා සමානයි කියන ප්‍රතිපත්තියක කටයුතු කළ යුතු බවත් කුමන ජාතියකට ආගමකට අයත් වුවත් සැවොම එක හා සමන බවත් සුපිරි පුරවැසියන් හෝ පහත් පුරවැසියන් කියා පුරවැසියක් වර්ග 2ක් නොමැති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ අප සැවොම එක බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ විධායකයේ අතකොළුවක් නොවෙයි

ව්‍යවස්ථාදායකයේ සිටින විට එය ආරක්ෂා කිරීමට එහි අයිතිය වෙනුවෙන් කතා කිරිමට මන්ත්‍රීවරු කටයුතු කළත් ඔවුන් ව්‍යවස්ථාදායකයේ සිට විධායකයට ගිය පසු විධායකය විසින් පාර්ලිමේන්තුව පාගා දැමීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුව ජනාධිපතිගේ අතකොලුවෙකු ලෙස සැලකීමට කටයුතු කරන බවත් එය සුදුසු දෙයක් නොවන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ විධායකය, ව්‍යවස්ථායකය සහ අධිකරණය යන කොටස් 3ක් ඇත්තේ සංවරණ හා තුලන හරහා කිසිදු ආයතනයක් තවත් ආයතනයක් පාගා ගෙන බලවතකු ලෙස ඉස්මතු නොවීමට බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පාලකයොන්ට උතුර මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරයි

යුද්ධයෙන් මුලතිව් ප්‍රදේශය බටකෑ බවත් යුද්ධයෙන් පසු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීමට හිටපු කිසිදු ජනාධිපතිවරයකුට නොහැකි වූ බවත් මොවුන්ට උතුරු නැගෙනහිර මතක් වෙන්නේ මැතිවරණ කාලයට පමණක් බවත් මැතිවරණයෙන් පසු රටටම හෙණ ගැහුවත් පාලකයෝ බලා සිටින බවත් මේ ප්‍රතිපත්තිය වෙනස් විය යුතු බවත් සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැගෙනහිර කේන්ද්‍ර කර ගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 139ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1400ක් වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan