*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

‘කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ…’ ගුණදාස කපුගේ මතකාවර්ජන

අසහාය නිර්මාණ කුසලතාවක්, සුගේය මනස්කාන්ත හඬ පෞර්ෂයක් හිමි විශාරද ගුණදාස කපුගේ කලා ලෝකය තුළ හඳුනා ගැනෙන්නේ කලාවට, මනුෂ්‍යත්වය ප්‍රධානය කළ අසහාය නිර්මාන වේදියෙකු වශයෙන්.

සිය මධුර හඩින් රසික හදවත් ප්‍රකම්පනයට පත්කළ ගුණදාස කපුගේ නම් සුවිශේෂි ගායන ශිල්පියාගේ 21වන ගුණානුස්මරණය ඉකුත් 03වන දිනට යේදී තිබිණි.

1945 අගොස්තු 7 වනිදා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ගඟබඩපත්තුවේ මිරිස්‌වත්ත නම් වූ පිටිසර ග්‍රාමයේ අට දෙනෙකුගෙන් යුත් පවුලක දෙවනියා ලෙස මෙලොව එළිය දුටු එල්ලමුල්ල කපුගේ ගුණදාස කපුගේ සිය මූලික අධ්‍යාපනය කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය,ධර්මාශෝක විද්‍යාලය,එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, ගාල්ල නාගොඩ විද්‍යාලය,යන පාසල් වලින් නිම කරන ලදි.

උපතින් උරුම වූ ලයාන්විත හඬ පෞරුෂය හේතුවෙන් පාසල් අවධියේ සිටම ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබීමට හෙතෙම සමත් විය. 1963දී රජයේ ලලිත කලා ආයතනයට (හේවුඩ්) ඇතුළත් වන අතර තව දුරටත් සංගීතය ප්‍රගුණ කිරීම සඳහා 1965 වසරේදී ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත ආයතනයට ඇතුලත් වන ලදි.

ප්‍රවීන ඉන්දියානු සංගීත වේදීන්ගේ ගුරු හරුකම් යටතේ 1969 වසරේදී ඔහුගේ අධ්‍යාපන කටයුතු නිමා වන්නේ සංගීත විශාරද උපාධිය හිමිකර ගනිමිනි. එම වසරේම ගුවන් විදුලි සංස්ථාවට තාවකාලික පදනම මත සම්බන්ධවන කපුගේ 1970 වසරේදී එම තනතුරේ ම ස්ථිර කරණු ලැබීය. ඔහුගේ රැකියාව දඬුවම් මාරු රැකියාවෙන් නෙරපීම් වලින් පිරුණු රැකියාවකි.

1977 අනතුරුව දුප්පත්කමින් හා සූරාකෑමෙන් පීඩනයට පත් පීඩිත ජන කොටස් වල ජීවන තත්වයේ යථාර්තය ගීතයන් ඔස්සේ සමාජගත කරන්නට ඔහු උත්සුක විය.

ඔහුගේ ගී වලින් ඇසුනේ තැළුණු රිදුණු ආත්මයන්ගේ හඬයි. මේ ජනතාවාදී කලාකරුවාගේ ගමන් මඟ පැවැති ආණ්ඩුවට බලවත් තර්ජනයක් වූ අතර ඔහුගේ ගීත ගුවන් විදුලියෙන් ප්‍රචාරය වීම වළක්‌වාලීමට වාරණ නියෝගයක්‌ නිකුත් කරන ලදි.

කපුගේ හට කියුබාවේ හවානා නුවර පැවති ජාත්‍යන්තර තරුණ සමුළුවකට ආරාධනා ලැබීමත් සමඟ එයට සහභාගී වීමට ගුවන් විදුලි සංස්ථාවෙන් රැකියා නිවාඩු අයදුම් කළත් දේශපාලනික හේතූන් මත එය ප්‍රතික්ෂප විය. එය නොතකා කපුගේ එම සමුළුව වෙත සම්බන්ධ වීමත් සමඟ ඔහු සේවය හැර ගියා සේ සලකා සේවයෙන් පහ කරන ලදි.

1979 වසරේ නැවත වරක් ඔහුට රැකියාව හිමි වුවද එම වසරේම රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාට අපහාස කළේයැයි යන චෝදනාව මත නැවතත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ඔහුව නෙරපා දමනු ලැබීය. අනතුරුව එවකට ගුවන් විදුලි සංස්ථා සභාපති ඒමන් කාරියකරවනගේ මැදිහත් වීමෙන් නැවත රැකියාවේ පිහිටවන කපුගේ වෙත දඬුවම් මාරුවක් ලෙස ලැබෙන්නේ ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයයි.

රජරට සේවයේ ස්වර්ණමය යුගය ඇරඹෙන්නේ කපුගේගේ ආගමනයත් සමඟය.

නිහඩ හදවත් පොතේ ලියවුනු . .
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ . .
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ . . . .

“දෑස නිලුපුල් තෙමා – කඳුළු මුතු ලැල් සලා” ගීතය ගයනා කරමින් ගායකයෙක් ලෙස රසික හදවත් වලට ආමන්ත්‍රණය කළ කපුගේ 1980 වසරේ දී සිය පළමු කැසට් පටය ලෙස ”දම් පාටින් ලා සඳ” කැසට් පටය මාලනී බුලත්සිංහල සමඟ නිකුත් කරන ලද අතර පසුව කළ කැසට් අතරින් ”සීතල සඳ එළියේ” (1981), ”උන්මාද සිතුවම්” (1983), ”ඉරබටු තරුව” (1999) හා ”සඳ රෑ සිහිනේ” (2000)රසිකයන් ආදරයෙන් වැළදගත් නිර්මණ විය.

1981 දී රජරට සේවය සංගීත අංශයේ ප්‍රධානියා ලෙසත් පසුව රජරට සේවයේ ප්‍රධානියා ලෙසත් කපුගේ කටයුතු කරනු ලැබූ කපුගේ දවසක් පැල නැති හේනේ, උල ලේනෝ, බිංදු බිංදු තාරකා, විදුලි මිණි පහන් දැවී, මගෙ හද මඬල මල් යහනකි, සිංහල සින්දු කියන, දම් පාටින් ළා සඳ බැස යනවා (මාලනී බුලත්සිංහල සමඟ), බිරිඳ මගේ ඔබ (නන්දා මාලනී සමඟ), නාඹර ගොයමට, උන්මාද සිතුවම් (එක්ටැම් ගේ චිත‍්‍රපටයේ) දවසේ කරදර කරපිට, කරගල ගගා ඉන්න, සබද අපි කඳු නොවෙමු හා බිම්බරක් සෙනග ගැවසුණු වැනි ගීත මඟින් රසික සිත් ඇද බැඳ ගැනීමට සමත් විය.

සබඳ අපි
සොඳුරු අඩහැරය වෙමු
දනන් නින්න්දෙන් මුදන …

රජරට ගැමියන්ගේ දරිද්‍රතාවය ප්‍රකම්පිත වූ කපුගේ ගායනා කරනු ලැබූ බොහෝමයක් පීඩිත මානව ජීවිත පිළිබඳ යටිපෙළ කියවීමකි. ඔහු ගීතය මෙන්ම සංගීතය අවියක් කොටගෙන පැවැති සමාජය විවේචනය කිරීමට සමත් විය. සමාජයේ විවිධ ස්තරයන් සියුම් හස්‍යකට ලක් කරමින් ඇත්ත ඇති සැටියෙන් සමාජගත කිරීමට ඔහු සමත් විය. ඒ වෙනුවෙන් ලුෂන් බුලත්සිංහලයන්,රංබණ්ඩා සෙනවිරත්න, රත්න ශ්‍රී විජේසිංහ ආදී පද රචකයෙන්ගේ පද රචනා හේතු විය.

සුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා….

ගුණදාස කපුගේ මහතාගේ සංගීත නිර්මාණ හා අධ්‍යක්ෂණය කෙරේද යොමු වූ අතර ගුවන්විදුලි සංස්ථාවේ A ශ්‍රේණියේ ගායකයකු වු ගුණදාස කපුගේ මහතා සංගීත අධ්‍යක්ෂණය කල පළමු වේදිකා නාට්‍යය වූයේ සුගතපාල ද සිල්වා මහතාගේ තුරඟ සන්නියයි. ඉන් අනතුරුව වේදිකා නාට්‍ය ගණනාවකම ඔහු සංගීත අධ්‍යක්ෂණයෙන් සිය දායකත්වය ලබා දෙන ලදි. එනම් පරපුටුවෝ, නන්දි විසාල තාරාවෝ ඉගිලෙති, සිර කඳවුරු, සත් සහ සත, සසර සෙවනැළි ආදී නිර්මාණයි.

පළමු වරට චිත්‍රපටයක සංගීතය සඳහා දායක වූයේ ස්ටැන්ලි පෙරේරා මහතාගේ “සඳා” (1980) චිත්‍රපටය සඳහායි. ඉන් අනතුරුව රතු මකරා, මාල ගිරවී, චුට්ටි, බව දුක, පුතුන් මට සමාවෙන්න භව කතර ආදී චිත්‍රපට වෙනුවෙන් සිය සංගීතමය දායකත්වය අධීක්ෂණය ලබා දෙන ලදි.

කපුගේ විසින් සංගීත අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය ද කිහිපයකි. එනම් ගිගිරි වළලු, අයියම්මාරුව , රන්දෝලි, දොළොස් පැය, සිර කඳවුරු, පාරමීදම්, සසර සෙවනැලි, රේල් පීලි සඳ මද්දහන, සඳා ආදිය මෙහිලා දැක්විය හැකිය.

කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ….

කපුගේ අවස්ථා ගණනාවකදී හොඳම කටහඬ හා හොඳම ගායනය සම්බන්ධයෙන් ජනාධිපති සම්මානයට, සරසවි සම්මානයට මෙන් ම OCIC මෙන්ම ස්වර්ණ සංඛ ආදී සම්මානට පාත්‍ර විය.

· ස්වර්ණ සංඛ සම්මානය – හොඳම කටහඬ (1996)

· විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ (1996)

· රස සන්ගීත සම්මානය – හොඳම ගායකයා (1997)

· ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා (1997)

· සරසවි සම්මානය – හොඳම කටහඬ (1997)

· OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය(1997)

· ජනාධිපති සම්මානය – හොඳම ගායකයා (1998)

· සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය (1999)

ගුණදාස කපුගේ විසින් ‘කම්පන‘ නමින් ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලද අතර එය එතෙක් මෙතෙක් බීහිවූ සමාජයේ පීඩනයේ දරිද්‍රතාවයේ කුසගින්නේ කම්පනය විය.

කපුගේ සිය නිර්මාණ භාවිතාවන් හරහා සටන් කරනු ලැබුවේ විමුක්තිය උදෙසා නොව දරිද්‍රතාවයෙන් පීඩනයට පත්වූවන් එයින් මුදවා ගැනීම වෙනුවෙනි. මෙහිදී විරෝධාකල්ප සෞන්දර්යාත්මකව කලාත්මක කොන්දේසිවලට යටත්ව භාවිතයට ගැනීමට ඔහු සමත් වූ අතර මෙහිදී සමකාලීනව පැවැති අරගලය, ආවේගය, කැක්කුම හරහා ගීතය අවියක් බවට පත් කර ගැනීමට සමත් විය. ඒතැනදී අතිශය ප්‍රබල නිර්මාණ බිහි විය.

2003 වසරේ අප්‍රේල් මස 03 වන දින විදෙස් සංචාරයක් නිමවී පැමිණීමේදී බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිදු වූ හදීසි අනතුරක් හේතුවෙන් එදිනම කපුගේ අවාසනාවන්ත ලෙස මිය යන්නේ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි හිඩැසක් ඉතුරු කරමින්. නිර්මාණවේදියෙකු ලෙස ගුණදාස කපුගේ සංගීත ක්ෂේත්‍රය තුළ උස්ව කැපී පෙනුනේ හිතවතකු , රසවතකු මෙන්ම සොඳුරු මිනිසකු වශයෙනි. එහෙයින්ම එදා මෙදා තුර ඔහු රසික හදවත් තුළ සොඳුරු අඩහැරයක්ව නින්නාද වනු ඇත.

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ..
බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
තනිවේවි එක්ටැම්ගේ..

සටහන : සශිකලා මධුෂාණි,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan