විදේශ විනිමය සංචිත අනුව මේ සතියෙන් පස්සේ දුවන්න පුළුවන්ද දන්නෙත් නෑ – රනිල් (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිතවල තත්වය අනුව මේ සතියෙන් පසු රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම පිළිබඳ පවා විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එමෙන්ම රට තුළ දැනට පවතින සම්පත් ද අප්‍රේල් මාසය අවසන් වනවිටම අවසාන වනු ඇති බව පවසන ඒ මහතා ඉදිරියේදී රටට ඉතාම දුෂ්කර කාලසීමාවක් එළඹෙනු ඇති බවයි පෙන්වා දෙන්නේ.

ඒ අනුව මෙම තත්වයට මුහුණ දීම සඳහා රටේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව තදින් පැන නැඟී ඇතිවාක් මෙන්ම පාර්ලිමේන්තුව මේ සතියේ පවා රැස්ව මේ තත්වයට මුහුණ දීම සඳහා ක්‍රියාකාරී විය යුතුව තිබුණු බව සඳහන් කරන ඒ මහතා එසේවෙතත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව අප්‍රේල් 19 වනදා දක්වා කල්තැබීමට කටයුතු කළ බවත් සිහිපත් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...