වි.වි ආචාර්යවරු විතරක් නෙවෙයි උසස් පෙළ උත්තර පත්‍ර බලන්න ගුරුවරු 7000ක් තව මදි! (VIDEO)

කොළඹ LNW:අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇති අතර උත්තර පත්‍ර පරික්ෂාව සඳහා ගුරුවරු 19000ක් අයදුම් කළ යුතුව තිබුණත් මෙවර අයදුම් කර ඇත්තේ ගුරුවරු 12000ක් පමණක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.

මෙම පරීක්ෂා කටයුතු සඳහා දෛනික දීමනාව ලෙස රු 3000ක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා එකඟ වුවද එම කැබිනට් පත්‍රිකාව අනුමත වී නැති අතර දෛනික දීමනාව ලෙස ලබා දීමට තීරණය වී ඇත්තේ රු 2000ක් බවත් එයද මේ වන විට ප්‍රශ්නයක් ලෙස පවතින බවයි ස්ටාලින් මහතා සඳහන් කරන්නේ.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්ද මෙම කටයුත්තට බාධා පැමිණ ඇති හෙයින් රජය ලෙස ඔවුන් සමඟද සාකච්ජා කර එකඟතාවකට පැමිණිය යුතුව තිබුණද එයද සිදුව නැති බව ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම උත්තර පත්‍ර පරික්ෂාව සඳහා තවදුරටත් ගුරුවරු දිරිමත් කිරීමද රජය විසින් කළ යුතුව ඇති බවයි ඔහු කියා සිටින්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...