*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය ශ්‍රී ලංකික සිසුවෙක්ට!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18, කොළඹ (LNW): ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර ,කායවර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට සමත්ව ඇත.

IFBB Professional League Australia තරගාවලිය ආධුනික නවක සහ විවෘත කාණ්ඩ වැනි අංශ කිහිපයක් යටතේ මෙම තරඟ පැවැත්වුණු අතර, මෙල්බන්හිදී පැවති තරඟාවලියේදී Men`s physique Novices අංශයෙන් පළමු ස්ථානයත් True Novices අංශයේ ප්‍රථම ස්ථානය මෙන්ම විවෘත අංශයේ 3 වන ස්ථානයත් හිමි වූයේ ලක්රුවන් බණ්ඩාරට ය.

ලබන මැයි මස 4 වනදා ආරම්භ වන IFBB Professional League Australia තරගාවලියේ ජාතික ශූරතාවලියට ද සහභාගී වීමටද ලක්රුවන් බණ්ඩාර බලාපොරොත්තු වේ.

2018 වසරේ නොවැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාවට පැමිණි 27 හැවිරිදි ලක්රුවන් 2015 වසරේ සිට ශ්‍රී ලංකාව තුලදීත් කාය වර්ධන ක්ෂේත්‍රයේ නියැලී සිටි අයෙකි. ජයසුන්දර බණ්ඩාර යටතේ පුහුණුව ලබන ඔහු ශ්‍රී ලංකාවේදීත් අවස්ථා කිහිපයකදීම කායවර්ධන තරගවලට ඉදිරිපත් වී තිබේ.

2016 වසරේ මධ්‍යම පළාතේ පැවති තරගවලින් මෙන්ම 2017 වසරේ Mr. Sri Lanka Junior තරගාවලියෙන් ද ඔහු සම්මාන ලැබීය.

පෞද්ගලික උපදේශකයෙකු ලෙස කාය වර්ධන වෘත්තියේ නිරත වී ශ්‍රී ලංකාවේ කාය වර්ධන ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒම ඔස්ට්‍රේලියාවේ සිට තවමත් අධ්‍යාපනය හදාරන ලක්රුවන් බණ්ඩාරගේ අභිප්‍රාය වී ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan