උල් බැරියර් සහ තර්ජනය කිරීම්වලට එරෙහිව අන්තරය මානව හිමිකම් කොමිසමට! (VIDEO)

Date:

ආණ්ඩුව විසින් ඊයේ දින ජනතා උද්ඝෝෂණ අහෝසි කිරීමට දැරූ උත්සාහයන්ට එරෙහිව අද (25) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය වෙත පැවසුවේ උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා ඊයේ දින යොදා ගෙන තිබුණු උල් කටු සහිත බැරියර් මඟින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවයි.

එමෙන්ම ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස් වෙත ගොස් පොලීසිය බලපෑම් කර තිබෙන බවද ඔහු සඳහන් කරන ලදී.

රටේ යුක්තිය අහිමි යන මොහොතක නැති වෙමින් තිබෙන බලය රැක ගැනීම සඳහා රාජපක්ෂවරු විවිධ සෙල්ලම් දැමීමට උත්සහ කළද ආණ්ඩුවට දැන් ගෙදර යන්නම සිදුවන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාව ආයෙත් බංකොලොත් වෙයිද ??

මේ අවුරුද්ද තවමත් අවසන් වී නැහැ. ඒ නිසා, තවමත්...

“ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන පහ” අතරට ශ්‍රී ලංකාව නම් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW : 2026 වසරේදී U.S....

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...