*
Wednesday, April 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/28

  1. යුධ සමයේදී සිදුවූයේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කෙරේ: මෙම තහනම දැඩි සේ හෙළා දකිමින් මෙරට විදේශ අමාත්‍යංශය ඇමරිකානු තානාපතිනිය වෙත කරුණු දැක්වීමක් සිදු කරයි.
  2. ගුවන් තොටුපොළේදී ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන්ට ලබා දෙන තීරු බදු දීමනාව මැයි 01 වන දින සිට ඉහළ දමන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි: මීට අදාළව චක්‍ර ලේඛයක් ද නිකුත් කර ඇති බව පවසයි.
  3. අධිවේගී මාර්ගවල අයකෙරෙන ගාස්තු අප්‍රේල් 27 වන දින සිට ඉහළ දැමීමට ගමනාගමන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ: කටුනායක-හම්බන්තොට අධිවේගී මාර්ගය – රෝද හතරේ වාහන සඳහා රු. 1,000 සිට රු. 1,300 දක්වා; රෝද හයේ වාහන සඳහා රු. 1,900 සිට රු. 2,350 දක්වා; රෝද හයට වැඩි බර වාහන සඳහා රු. 3,150 සිට රු. 3,950 දක්වා: මීරිගම-කුරුණෑගල මධ්‍යම අධිවේගී මාර්ගය – රෝද හතරේ වාහන සඳහා රු. 250 සිට රු. 300 දක්වා; රෝද හයේ වාහන සඳහා රු. 350 සිට රු. 450 දක්වා; රෝද හයට වැඩි බර වාහන සඳහා රු. 550 සිට රු. 700 දක්වා: පෑලියගොඩ-කටුනායක අධිවේගී මාර්ගය – රෝද හතරේ වාහන සඳහා රු. 300 සිට රු. 400 දක්වා; රෝද හයේ වාහන සඳහා රු. 450 සිට රු. 550 දක්වා; රෝද හයට වැඩි බර වාහන සඳහා රු. 600 සිට රු. 750 දක්වා.
  4. මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව (2022) මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිරිනැමේ: 2023 තුළ රටේ ආර්ථිකය 2% කින් හැකිළෙනු ඇති බවත්, 2024 වන විට 3.3% කින් වර්ධනය වනු ඇති බවත් පුරෝකථනය කරයි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කරනු ලැබූ 3.1% ක ආර්ථික හැකිලීමට වඩා ශුභදායී තත්ත්වයක් ඇති වනු ඇති බවට මහ බැංකුවේ 2023 වර්ධන ඇස්තමේන්තුව පුරෝකථනය කරයි.
  5. වතුකරයේ පවතින ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටු නිලධාරීන් වෙත උපදෙස් දෙයි: රජය සිය කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බව ද පවසයි.
  6. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් කර තිබෙන යෝජිත ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව ජාතික මට්ටමෙන් සංවාදයක් ඇති කොට, පැහැදිලි ක්‍රියා සැලැස්මක් ද සහිතව එහි රෙකමදාරු ප්‍රසිද්ධියට පත් කරන තුරු, එම පනත් කෙටුම්පත එහි වත්මන් ස්වභාවයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
  7. 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට යෝජනා කර ඇති නව සංශෝධනයන් සම්මත කර ගැනීමට අද දින ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි: දැනට පවතින දළ දේශීය නිශ්පාදිතයෙන් 14-15% පමණ වූ ආදායම ශ්‍රී ලංකාවට වඩා සංවර්ධනය වූ රටවල පවතින ආදායමට ගළපමින් දළ දේශීය නිශ්පාදිතයෙන් 20%කට ඉහළ මට්ටම්වලට ඉහළ දැමීමට යෝජනා කර තිබේ: ආයෝජන ලැබීමේ ක්‍රියාදාමයට බාධාවක් ඇති නොවන පරිදි සහ අඩු ආදායම් සහ මධ්‍ය ආදායම් ලබන පවුල්වල ජීවන තත්ත්වයන්ට බාධා ඇති නොවන පරිදි බදු අනුපාත ඉහළ දමනු වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ සන්දර්භය මත මෙම සංශෝධනයන් ඉදිරිපත් කර තිබේ.
  8. පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනතේ, රට තුළ පවතින සැබෑ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ප්‍රතිපාදන ඇතුළත්ව නැති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසයි: මෙම පනත් කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා ජනාධිපති නීතීඥවරුන් වන නෙරින් පුල්ලේ සහ නලින්ද ඉන්දතිස්සගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත්කළ බවට අධිකරණ අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු පවසා සිටින්නේ, මෙම පනත් කෙටුම්පත සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී ඊට අදාළ පාර්ශවකරුවන් සම්බන්ධ කර ගැනීමක් කිසිසේත්ම සිදුව නැති බවත්, එහි අඩංගු ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්වලට අනුකූල නොවන ඇතැම් වගන්තිවලට එකී කමිටුවේ සිටි ඇතැම් සාමාජිකයන් පවා සිය විරෝධය පළ කර ඇති බවට කමිටු හමුවීම්වල වාර්තාවල සඳහන්ව ඇති බවත් ය.
  9. මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන 2021 – 2022 ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වේ: පරිසර සංරක්ෂණය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබාදුන් කර්මාන්ත, ව්‍යාපාරික ආයතන සහ පුද්ගලයන් වෙත රාජ්‍ය ගෞරව පිරිනැමීම මෙම උත්සවයේ මූලික අරමුණයි.
  10. ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 704ක් ලෙසින් අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම සලකුණු කරයි: මෙතෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වේ: නිශාන් මධුෂ්ක සහ කුසල් මෙන්ඩිස් ද්විත්ව ශතක වාර්තා කිරීමත් සමඟ ප්‍රමුඛ පිතිකරුවන් සිව්දෙනාම ශතක ලබා ගැනීම නිසා සත්කාරක ශ්‍රී ලං​කා කණ්ඩායම ලකුණු 212ක ඉදිරියෙන් සිටියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan