Tuesday, May 30, 2023
spot_img

Latest Posts

නව ත්‍රස්ත විරෝධී පනත තුළ ගැටලු පවතිනවා – සාලිය පීරිස්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): නව ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් අද කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවසූවේ නව ත්‍රස්ත විරෝධී පනත තුළද පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සේම ගැටලු පවතින බවයි .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සාලිය පීරිස් මහතා,

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරලා මම බොහෝ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියා. අපි දකිනවා මේ පනත කොහොමද දේශපාලන බලධාරින් සහ පොලිසිය අවභාවිත කරලා තියෙන්නේ කියලා ඒ පසුබිම තුළ තමයි නව පනත භයානක වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමති රැඳවුම් නියෝග දුන්නා ප්‍රසිද්ධ ගායකයෙක්ට රැඳවුම් නියෝග නිකුත් කළා මොකක්ද චෝදනාව කාන්තාවකගේ ආභරණ අයුතු ලෙස ළඟ තබා ගැනීම පසුබිම වුණේ පෞද්ගලික ආරවුලක් රජය පුද්ලයෙකුට අකමැති නම් ඒ පුද්ගලයාට රැඳවුම් නියෝග දෙනවා මෙතෙක් කල් රැඳවුම් නියෝග දුන්නේ ඇමතිවරයා දැන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය දෙන්න හදනවා 2018 පනතට අනුව නියෝජ්‍ය පොලිස්පතිට රැඳවුම් නියෝග නිකුත් කරන්න බලය තිබුණේ සති 2කට පමණයි මේ පනත යටතේ මාස 3ක් යනකල්ම මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන්නේ නැහැ”

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.