Tuesday, May 30, 2023
spot_img

Latest Posts

සීගිරි නවීකරණයට යුනේස්කෝ සංවිධානයෙන් රුපියල් කෝටි 4ක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සීගිරි සිතුවම් ගුහාව වෙත පිවිසීමට ඇති පියගැට පෙළ නවීකරණයට යුනේස්කෝ සංවිධානය රුපියල් කෝටි 4ක මුදලක් අනුමත කර ඇති අතර, එම මුදල් ලබන මාසයේදී මෙරටට ලැබෙනු ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.

ඒ අනුව දැනට අබලන් තත්වයේ පවතින පියගැට පෙල කඩිනමින් නවීකරණයට නියමිත බව මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රකාශ කළ අතර , මීට සමගාමීව සීගිරියේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි.ඒ යටතේ සංචාරකයින් ගමන් ගන්නා ත්‍රිරෝද රථවල ගාස්තු නියාමනය හා සංචාරක මග පෙන්වන්නට නිශ්චිත ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීම ද සිදුවන බව සඳහන් කළේය .

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.