Tuesday, May 30, 2023
spot_img

Latest Posts

IMF විවාදයේ ඡන්ද විමසීම ගැන සමගි ජන බලවේගයේ තීරණය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සඳහා පැමිණි එකඟතාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අවසානයේ අද (28) පස්වරුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ අනුව, එම ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී සභා ගර්භයෙහි රැඳී නොසිට පිටව යාමට ඔවුන් තීරණය කර ඇත.

ආණ්ඩුව විසින් IMF එකඟතාවන්ට අදාළ ගිවිසුම සහ ඇමුණුම් පාර්ලිමේන්තුවට ලබානොදීම හේතුවෙන් සමගි ජන බලවේගය මෙම තීරණයට එළඹ ඇති බවයි එම පක්ෂයේ ප්‍රකාශකයකු සඳහන් කළේ.

අද දහවල් පැවති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.