වජිර මැයි දිනේට කෝච්චියෙන් කොළඹට!

කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද (01) උදෑසන ගාල්ල සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණි බව වාර්තා වෙයි.

මැයි දින සැමරුම වෙනුවෙනුයි සිය ආධාරකරුවනුත් සමඟ ඔහු කොළඹ බලා පැමිණ ඇත්තේ.

සිය ආධාරකරුවන් සමඟ ගාල්ලෙන් දුම්රියට ගොඩවූ මන්ත්‍රීවරයා දුම්රිය රියදුරු කුටියේ ගමන් ගෙන ඇති අතර දුම්රිය ගමන ආරම්භවීමට පෙර සෙසු මැදිරිවල සිටි සිය ආධාරකරුවන් අතරට ගොස් ඇති වජිර අබේවර්ධන මහතා ඔවුන් සමඟ සුහද කතා බහකද නියැලී තිබේ.

ගාල්ල දුම්රිය ස්ථානයේ දී ‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවායි’ වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා වටකරගත් ආධාරකරුවන් ජය ඝෝෂා නගා තිබෙන බවද වාර්තා වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...