කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි – චම්පික

Date:

කොළඹ LNW:ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපි හරි සතුටු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රණවක මහතා මේ අබව සඳහන් කළේ ලාල් කාන්ත මහතා විසින් මාලිමාවේ අභ්‍යන්තර දේශපාලන තිබුණු ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

”අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා. සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන. රතු මැයි රැළිය නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියට. මොකද කාල්මාර්ක්ස් එංගල්ස්ලා ඒවා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව මහපොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් කොහෙවත් පැරණි සමාජවාදය නැහැ. ඒ වගේ යථාර්ථය පිළිඅරගෙන මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඔය තියෙන වෙබ් අඩවියෙනුත් ඔය තමන් මාක්ස්වාදී පක්ෂයක් කියන එක අත ඇරලා ඔය දෑකැත්තයි, මිටිය අයින් කරලා, මොකද පරිගණක යුගයේ චිප් යුගය. ඉතින් ඒකට සරිලන විදිහේ පක්ෂයක් බවට පරිවර්තනය වෙනවා නම් ගොඩක් ලොකු විශ්වාසයක් ඇති වෙයි. එහෙම නැතුව යටින් එකක් තියාගෙන උඩින් තව එකක් කියන කියන ප්‍රමාණයට සැකේ, බිය වර්ධනය වීම තමයි වෙන්නේ. ලාල්කාන්ත මහත්මයා එහෙම එකක් කියලා තියෙනවා නම්, අපි ඉතාම සතුටුයි දැන් අනුර දිසානායක මහත්තයාගෙත්, ටිල්වින් සිල්වා මහත්තයාගේත් වාරය.” යනුවෙන් රණවක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...