‘Michael’ ඇමරිකන් ඩොලර් මිලියන 500 සීමාව පසු කරමින් වාර්තා අතරට

සටහන: සශිකලා මධුෂාණි
මැයි 11; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ලෝකයේම ජනාදරයට පත් පොප් තරුවක් වන මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව රැගත් චරිතාපදාන නාට්‍ය චිත්‍රපටයක් වන ‘Michael’ චිත්‍රපටය ගෝලීය වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 577 ආදායම් සීමාව පසු කරමින් වාර්තා අතරට පැමිණ තිබේ.

ඇන්ටොයින් ෆුක්වා විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ ජෝන් ලෝගන් විසින් රචිත මෙය රසිකයන් ලැබූ ජයග්‍රහණයක් පමණක් නොව, සිනමා ඉතිහාසයේ සනිටුහන් වූ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙසයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

මෙම චිත්‍රපටය 1960 ගණන්වල ජැක්සන් 5 හි ඔහුගේ සම්බන්ධයේ සිට 1980 ගණන්වල අගභාගයේ බැඩ් සංචාරය දක්වා කාලය ආවරණය කරන අතර මයිකල් ජැක්සන්ගේ බෑණනුවකු වන ජාෆර් ජැක්සන් විසින් මෙහි ප්‍රධාන චරිතයට පන පොවයි.

ඇමරිකන් ඩොලර් මිලියන 200ක නිෂ්පාදන පිරිවැයක් දරමින් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති අතර එය මේ වන විට ඩොලර් මිලියන 500කට අධික ආදායමක් උපයා තිබේ. ඒ අනුව මෙම චිත්‍රපටය ඓතිහාසික වාර්තාවක් තබමින් ඇමරිකානු සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ සංගීතමය චරිතාපදානය (Musical Biopic) ලෙස කිරුළ දිනා ගැනීමටසමත්ව ඇත.

චිත්‍රපටයේ ඇති දැවැන්ත සාර්ථකත්වය නිසාම මෙහි දෙවන කොටසක් (Sequel) නිර්මාණය කිරීමටද මේ වන විටත් අනුමැතිය ලැබී අවසන්! 2026 දී සිව්වන වැඩිම ආදායමක් උපයාගත් චිත්‍රපටය සහ සියලු කාලයේ පස්වන වැඩිම ආදායමක් උපයාගත් චරිතාපදාන චිත්‍රපටය බවට ද පත්ව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් මිලියන 104ක සංචාරක අරමුදල් සිරසට: මෙය රාජ්‍ය ප්‍රසම්පාදන නීති උල්ලංඝනයක්ද?

ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයෙන් තවමත් ගොඩඑන්නට...

දේශීය ධීවර කර්මාන්තය නගා සිටුවීමට නොර්වේ සහය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගා සිටුවීමට මෙන්ම...

2026 සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක්?

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලංකා මහජන උපයෝගිතා...

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය ; උතුරු කැරොලිනා ප්‍රාන්තය ඩිමොක්‍රටික් පක්ෂය අත්පත් කර ගනියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකා එක්සත් ජනපදයේ...