මහින්ද යළි අගමැති වෙනවාද ? – නාමල් පිළිතුරු දෙයි (VIDEO)

Date:

මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් මේ රටේ නායකත්වයට පත්වන්නේ නම් එසේ පත්වන්නේ ජනතාවගේ කැමැත්තෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ඊයේ පෙරේදා දිනවලත් අද උදෑසනත් අපේ දුරකථනවලට කතාකරලා අහන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙනවාද කියලා. එහෙමනෙ අහන්නෙ ? දැන් මගෙන් වාඩිවෙච්ච ගමන් නීතීඥ රවීන්ද්‍ර මැතිතුමාත් ඇහුවා. ඇයි කියලා ඇහුවාම කියනවා මේ කොළඹට හුඟක් හමුදාව ගෙනල්ලා කියලා. කොළඹට හුඟක් පොලීසියෙන් ගෙනල්ලා කියලා. මගේ ආදරණීය අම්මේ තාත්තේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යකමෙන් අයින් වුණෙත් මහජනතාව එක්ක, නැවත වතාවක් මේ රටේ නායකත්වයට එනවා නම් එතුමා නායකත්වයට එන්නෙත් මහජනතාවගෙන් කියන එකත් තමුන්නාන්සෙලාට මතක් කරන්න ඕනෙ. ඒකට පොලීසියෙන් හමුදාවෙන් 10,000ක් කොළඹට ගේන්න ඕනෙ නෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) අවිස්සාවේල්ල, සීතාවක ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Chris Rea ගේ අමරණීය චරිතාපදානය! A life in pictures 

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ඇස් නිලංකාර වන සමාජ...

වසර දෙකකට පසුව බෙත්ලෙහෙමටත් ඔන්න නත්තල්!

සටහන – පුලී දෙසැම්බර් 25, කොළඹ (LNW):  ගාසා තීරය පුරාවට...

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...