මහින්ද යළි අගමැති වෙනවාද ? – නාමල් පිළිතුරු දෙයි (VIDEO)

Date:

මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් මේ රටේ නායකත්වයට පත්වන්නේ නම් එසේ පත්වන්නේ ජනතාවගේ කැමැත්තෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ඊයේ පෙරේදා දිනවලත් අද උදෑසනත් අපේ දුරකථනවලට කතාකරලා අහන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙනවාද කියලා. එහෙමනෙ අහන්නෙ ? දැන් මගෙන් වාඩිවෙච්ච ගමන් නීතීඥ රවීන්ද්‍ර මැතිතුමාත් ඇහුවා. ඇයි කියලා ඇහුවාම කියනවා මේ කොළඹට හුඟක් හමුදාව ගෙනල්ලා කියලා. කොළඹට හුඟක් පොලීසියෙන් ගෙනල්ලා කියලා. මගේ ආදරණීය අම්මේ තාත්තේ, මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යකමෙන් අයින් වුණෙත් මහජනතාව එක්ක, නැවත වතාවක් මේ රටේ නායකත්වයට එනවා නම් එතුමා නායකත්වයට එන්නෙත් මහජනතාවගෙන් කියන එකත් තමුන්නාන්සෙලාට මතක් කරන්න ඕනෙ. ඒකට පොලීසියෙන් හමුදාවෙන් 10,000ක් කොළඹට ගේන්න ඕනෙ නෑ”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) අවිස්සාවේල්ල, සීතාවක ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින්ගේ හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...