Tuesday, May 30, 2023
spot_img

Latest Posts

ආපදාවට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට සාගලගෙන් උපදෙස්

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ ආපදා තත්වයන් ඇතිවූ දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජ්‍යේෂ්ඨ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

ඒ, ඊයේ (14) පස්වරුවේ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ය.

දැනට බොහෝ ප්‍රදේශවල ඇතිවී තිබෙන ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට හාරා පුළුල් කිරීමටත් ,විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත් සාගල රත්නායක මහතා එහිදී උපදෙස් ලබාදී ඇත.

එසේම, නායයාම් අවදානම් ඇති කලාපවල ජනතාව ඉන් ඉවත්කර ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට සහ එම කටයුතු කඩිනමින් ඉටුකිරීමටත් මෙහිදී උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.