*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

දේශීය ණය ප්‍රශස්ථකරණයේදී පහර වදින්නේත් මැද පන්තියටයි – හර්ෂ (VIDEO)

දේශීය ණය ප්‍රශස්ථකරණයේදීත් පහර වදින්නේ මෙරට මධ්‍යම පන්තියට බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන වැඩසටහනෙහි තමන්ට ඇති ගැටලුවත් එය බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“දිගින් දිගටම ආණ්ඩුව කිව්වා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නෑ කියලා. හැබැයි දැන් අපි කවුරුත් දන්නවා ඒ ප්‍රතිව්‍යුහගත කිරීමකට ආණ්ඩුව යනවා. දැන් එතනදී අපි වහාම රජයට කියනවා, අපට අවශ්‍ය වෙනවා Financial sector support fund කියලා එකක්. මූල්‍ය ක්ෂේත්‍රය කඩා නොවැටෙන්න ශක්තිමත් කිරීම සඳහා අරමුදලක්. ඒක ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් වගේ ජාත්‍යන්තර සංවර්ධන බැංකුවකින් අපට ලබාගන්න පුළුවන්. මං හිතන්නෙ ඩොලර් බිලියනයකට වඩා අවශ්‍ය වෙයි මේ වැඩේට. නමුත් ඒ දේ කළ යුතුයි කියන එක තමයි අපේ මතය. දේශීය ණය ප්‍රශස්ථකරණය හරහා ෂොට් එක වදින්නෙත් මැද පන්තියටම තමයි. අපට IMF එකත් එක්ක තිබිච්ච ගැටලුවත් ඒක. මේ මැද පන්තියට මෙහෙම කන හරහා ගහන එකට අපි විරුද්ධයි. IMF වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න නෙවෙයි මේ හදන්නෙ. IMF වැඩපිළිවෙල අපට අත්‍යාවශ්‍යයයි”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan