*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ලංකාවේ සියල්ල ඇමතිට ඕනි විදිහට – ඇමති රගර් ලොක්කාට කියයි

ජාත්‍යන්තර ක්‍රීඩා සංගම්වල නීතීන්ට සහ සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම ක්‍රීඩා සංගම් සම්මේලන ක්‍රියාත්මක විය යුතු තත්ත්වයක ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයා පවසන්නේ තමන්ට අමාත්‍යංශ ප්‍රධානියා ලෙස ජාතික ඔලිම්පික් කමිටුව පවා අවනත විය යුතු බවය.අප මීට පෙර ද සඳහන් කළ පරිදි ක්‍රීඩා අමාත්‍යවරයා ද සහයෝගය දී ගෙනා හිටපු ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩ කිරීමට නීතිමය චක්‍රලේඛ අවශ්‍යය නැති බවත්,ජනාධිපතිවරයා සේ තමාගේ නියෝගය චක්‍රලේඛ සේ සළකන ලෙසත් කිව්වාට දෙවැනි නැත.
එවැනිම ගෝත්‍රික ස්වරයකින් ජාත්‍යන්තර රග්බි සම්මේලනය අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ආසියානු රග්බි සම්මේලනයේ තහනම තිබියදී පත් වූ රගර් පරිපාලනයට නීතිමය බලයක් එම පත්වීමට නැති බවය.එහිදී අමාත්‍යවරයා නොසළකා හරින්නේ එම පත්වීමට අදාළ නිලවරණය පැවත්වූයේ ශ්‍රී ලංකාවේ අධිකරණය දුන් තීන්දුවකට අනුව බවය.ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ රටේ අධිකරණ තින්දුවක් හෝ ක්‍රීඩා පරිපාලන ඒකකයට අමාත්‍යවරයාගේ බලය තරම් වැදගත් නැති බවද?ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ක්‍රීඩා අමාත්‍යවයා රටේ නීතීයට අවනත පුද්ගලයෙක් නොවන බවද?

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කිරීම සඳහා අධිකරණය ඉල්ලා සිටි එකඟතාවයන් සපුරාලනු නොලද්දේ ක්‍රීඩා අමාත්‍යංශයේසහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ය.එය පමා කර අධිකරණයට තහනම ඉවත් කරන බව දන්වා හැරෙන තැපෑලෙන් තහනම් කරමින් නීතියට යම් අගෞරවයක් කිරීමට කටයුතු කර ඇද්ද යන්න මේ මොහොතේ අමාත්‍යවරයාගේ හැසිරිම සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නයය.
ලංකාවේ සෑම ක්‍රීඩාවක්ම පාලනය කරන සහ ජාතික ඔලිම්පික් කමිටුවද පාලනය කරන්නේ ක්‍රීඩා අමාත්‍යංශය බව අමාත්‍යවරයා පවසයි.එම ආයතනවල සීමාවන් අමාත්‍යවරයාට යටත්ව පවතින බව ද,ස්වාධිනව තීරණ ගැනීමට ඔවුන්ට ඉඩක් නැති බව ද,අමාත්‍යංශය සහ අමාත්‍යවරයා කියන දේ තර්කයකින් තොරව පිළිගත යුතු බව ද අමාත්‍යවරයාගේ ලිපියේ යටි අදහස වි ඇත.අමාත්‍යවරයා සියලු තීරණ ගෙන ඇත්තේ එම අභිමතානුසාරී බලය ඇතුළේ බව ද ඉඟි කරන ඔහු එය ජාත්‍යන්තර රගර් සම්මේලනයට එය පිළිගෙන වැඩ කරන්නට ආරාධනය කරයි.
තහනමට හේතුව හැටියට ඔහු දක්වන කරුණුවලට අනුව ආසියානු තහනම පමණක් දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ආසියානු සම්මේලනයේ කාතවට අනුව වැඩ කරන විනා පරීක්ෂණයක් පවත්වා තොරතුරු හඳුනාගෙන නැත.ආසියානු සම්මේලනයේ අභ්‍යන්තරයේම මේ වන විට ප්‍රශ්නකාරී තැනකට ගොස් ඇති එම තහනම ක්‍රියාත්මක වූ ආකාරය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට ගෙන නැත.

එසේම ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ගේ ජාතික ක්‍රීඩා සභාවේම ගණු දෙනු ඉවර වෙන්නටත් පෙර ක්‍රීඩා පිටි කොන්ත්‍රාත්කරුවෙක් සාමාජිකයෙක් සේ පත් කරගෙන ඇත.ඒ හරහා ද ඔහු පෙන්වා දෙන්නේ දේවාලයේ මල පහ කරන්නට අයිතිය කපුවාට අයිති පන්නයේ වැඩකි.පිටු තුනක් පුරා දිවෙන ලිපිය පුරා ඔහු පවසන්නට උත්සාහ කර ඇත්තේ, අමාත්‍යවරයා ගන්නා කුමන හෝ තීරණයකට පිටින් යන්නට ලංකාවේ කිසිඳු ක්‍රීඩා පරිපාලනයට ඉඩක් නැති බවය.ඒ නිසා ජාත්‍යන්තර රගර් සම්මේලනයට අමුතුවෙන් ඔවුන් කරන දේශපාලන අතපෙවීම් ගැන චෝදනා ඔප්පු කරන්නට සාධක හොයන්නට අවශ්‍යය නැත.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මේ ලිපියේ පිටපතක් ගිය විට ලංකාවේ ඔලිම්පික් කමිටුවට ආණ්ඩුවේ පරිපාලන ආයතන දක්වන සැළකිල්ල ගැන කියන්න වෙන කරුණු අවශ්‍යය ද නැත.නාමල් රාජපක්ෂ රාමුව ගැසූ රගර් ක්‍රීඩාවේ චිතකය රෙෂාන් රණසිංහගේ ජාත්‍යන්තරයට දක්වන අදහස් අනුව රගර් වලින් නොනැවතී සමස්ත ඔලිම්පික් ක්‍රීඩාවන් සියල්ලම දැමිය හැකි තත්ත්වයට පුළුල් වෙමින් ඇත.ඔහු වටා සිටින, ක්‍රීඩාව තමන්ගේ අභිප්‍රායන් වෙනුවෙන් මෙහෙයවන පිරිසට ඇත්තේ ජාත්‍යන්තර මට්ටමෙන් ඒවාට පත්තු කරන්නට ගිණි හුළු සූදානම් කර දීම පමණි. ක්‍රීඩා අමාත්‍යවරයාත් වටේ සිටින නඩයත් හඳුන්වන්නට හොඳම නාම විශේෂණය “මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි” යන්නය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan