දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/23

Date:

01. සිංගප්පූරුවේ සහ ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් සමඟ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත්ව යයි – ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපතිපෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ; සියල්ලු දෙනා මැයි 25 සිට 26 දක්වා ටෝකියෝවේ පැවැත්වෙන “Future of Asia-28” සමුළුවට සහභාගී වීමට නියමිතය.

02. 2023 අප්‍රේල් මාසයේදී සමස්ත උද්ධමනය 33.6% දක්වා පහත වැටීම පිළිබඳව ජාතික පාරිභෝගික මිල දර්ශකය හෙළි කරයි – 2023 අප්‍රේල් සඳහාවාර්තා වූ උද්ධමනය 2023 මාර්තු මාසයේ වාර්තා වූ 49.2% ට සාපේක්ෂව පහත වැටී ඇත: ආහාර උද්ධමනය මාර්තු මාසයේදී වාර්තා වූ 42.3% සිටඅප්‍රේල් මාසයේදී 27.1% දක්වා පහත වැටේ.

03. හිටපු පාර්ලිමේන්තු මහලේකම් වූ ධම්මික දසනායක මහතා විශ්‍රාම ගැනීමෙන් පසු නව පාර්ලිමේන්තු මහලේකම්වරිය ලෙස කුෂානි රෝහණධීර මහත්මියවැඩ භාර ගනී.

04. නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය (පැෆ්රල්) විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි නිදහස් මැතිවරණ සඳහා වූආසියානු ජාලයේ (ANFREL) නව සභාපතිවරයා ලෙස පත් කෙරේ – බැංකොක් නුවර පැවති ANFREL හි 8 වැනි මහා සභා රැස්වීමේදී මෙම පත්වීම සිදුවිය.

05. ඩෙංගු ප්‍රතිදේහජනක (antigen) පරීක්ෂණ සහ සම්පූර්ණ රුධිර ප්‍රමාණය (FBC) ඇතුළු ඩෙංගු සඳහා රසායනාගාර පරීක්ෂාවල මිල ගණන් ඉහළ යයි- ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්ෂාවක මිල රු. 1,200 ක් සහ FBC පරීක්ෂාවක මිල මිල රු. 400 ක් වේ: රට තුළ දිනෙන් දින වර්ධනය වන ඩෙංගු අර්බුදය මධ්‍යයේ, මෙසේ රුධිර පරීක්ෂාවල මිල ඉහළ යාම මත ජනතාව එම පරීක්ෂා සිදුකර ගැනීමට ඇති නැඹුරුතාව අඩුවිය හැකි බවට සෞඛ්‍ය නිලධාරීහු අනතුරු අඟවති.

06. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් උද්භිද උද්‍යාන සඳහා ප්‍රවේශවීමේ ගාස්තු ඉහළ නැංවීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරයි; එය 2023 ජූලි සිටක්‍රියාත්මක වේ – ඒ අනුව දේශීය සංචාරකයන් සඳහා ප්‍රවේශ ගාස්තුව එක් අයකුට රු. 100 සිට රු. 200 දක්වා ඉහළ යන අතර, විදේශීය සංචාරකයන්සඳහා එක් අයකුට රු. 2,000 සිට රු. 3,000, දක්වා ඉහළ යයි.

07. ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ විකිණීම සඳහා ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් සමාගමක් වන Sinopec සමඟ ශ්‍රී ලංකාවගිවිසුමක් අත්සන් කරයි – ගිවිසුම අත්සන් කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදු වේ: මෙම පියවර ජාතිය සඳහා ස්ථාවර සහ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරයි.

08. ඩෙංගු ව්‍යාප්තියත් සමඟ ශ්‍රී ලංකාව අධි හෝ ප්‍රධාන වසංගතයක් කරා ගමන් කරමින් සිටින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක් කුමාර ප්‍රනාන්දු අනතුරු අඟවයි – මෙම වසංගතය, 2017 සහ 2019 පැවති වසංගතවලින් පසු හටගැනෙන නරකම වසංගත තත්ත්වයට බවට පත්විය හැකි බවකියා සිටී; ඩෙංගු වැළැක්වීමේ පියවර ක්‍රියාත්මක නොවන්නේ නම්, 2017 දී පැවති වසංගත තත්ත්වයේ වාර්තා වූ ආසාදන සංඛ්‍යාව දක්වාම දිවගොස් වඩාත් විනාශකාරී තත්ත්වයක් කරා වත්මන් තත්ත්වය වර්ධනය විය හැකි බව අවධාරණය කරයි.

09. කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම භාෂා තුනෙන්ම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය සහ අවසරයලබා දෙයි : අග්‍රාමාත්‍යවරයා මීට පෙර අවස්ථාවක ප්‍රකාශ කර තිබුණේ ‘Slave Island’ යන ඉංග්‍රීසි නාමය ‘කොම්පඤ්ඤ වීදිය’ ලෙස වහාම වෙනස් කළයුතු බවයි.

10. 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි – අයදුම්කරුවන් ඉලක්ක කර ගනිමින් උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම තහනම් කරයි; ආදර්ශ ප්‍රශ්න පත්‍රමුද්‍රණය කර බෙදා හැරීම මෙන්ම බැනර්, අත් පත්‍රිකා හෝ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් එවැනි ක්‍රියාවක් ප්‍රවර්ධනය කිරීම නීතිය කඩ කිරීමක් බව කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ මානුෂිය ආධාර කප්පාදුව හේතුවෙන් මරණ මිලියන 14කින් ඉහල යන ලකුණු

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...