ඉදිරි වසර 02 තුළ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවන බවට Onmax DT අධ්‍යක්ෂවරුන්ගෙන් පොරොන්දුවක්!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 28, කොළඹ (LNW): අද (28) දින Onmax DT පිරමීඩ ආයෝජන සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වන විට මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ට එම මුදල් ඉදිරි වසර දෙක තුළ ගෙවා අවසන් කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ අධ්‍යක්ෂවරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. ඒ අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

සමාගමේ අධ්‍යක්ෂවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න විසින් අධිකරණයට මෙම දැනුම් දීම සිදු කරනු ලැබූ බව පැවසේ. අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා පැවසූවේ සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් 61,000 ගේ මුදල් ගෙවීමට නියමිතව ඇති බවයි.

ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 18කට ආසන්න බවත්ය. එම සමාගමට අයත් බැංකු ගිණුම මේ වන විට අධිකරණය විසින් තහනමට ලක් කර තිබෙන බවත් එම තහනම ඉවත් කරන්නේ නම් වසර දෙකක් තුළ අදාළ මුදල් තැන්පත්කරුවන්ට නැවත ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පවසා ඇත,

මුදල් අහිමි වූ තැන්පත්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවා දායකයන්ට රුපියල් කෝටි 25ක පමණ මුදලක් නැවත ගෙවීමට නියමිතව ඇති බවයි. මහේස්ත්‍රාත්වරයා මෙහිදී තැන්පත්කරුවන්ට නියෝග කර ඇත්තේ, තමන්ට ගෙවීමට තිබෙන මුදල් පිළිබඳ සියලු විස්තර විත්ති පාර්ශවය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

මෙම පැමිණිල්ල ලබන ජුනි මස 09 වනදා යලි කැඳවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව දැනුම් දෙන ලෙස නියෝග කර තිබෙන බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...