මැක්ස්ට කළ පහක තහනමට නීතිය හමුවට නොයන්නේ ඇයි?

Date:

නිශ්මං රණසිංහ මැයි 28, කොළඹ LNW:

පසුගිය කාලය ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ තත්ත්වය නරක අතට හැරිණි.එහි ලේකම්වරයාට ජාත්‍යන්තර එකඟතාවයක් ඇතුව ගෙනා තහනම සම්බන්ධයෙන් විරෝධතා ලෙස ඉදිරිපත් වූයේ මාධ්‍ය හමු පමණි.ඒ සම්බන්ධයෙන් ගත් නීතිමය ක්‍රියාමාර්ග කිසිවක් දැක ගන්නට නැත.ජාතික ඔලිම්පික් කමිටුවේ සිටින නීතිඥවරු පවා අදහස් දැක් වූවේ මාධ්‍ය හමු පවත්වාය.
මෙහි දී ආචාර ධාර්මික කමිටුවේ වාර්තා පදනම් කර ගෙන 2025 මැයි 2 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වසර පහක කාලයක් තුළ මැක්ස්වෙල් ද සිල්වා ට කිසිඳු නිලයක් දැරීමට ඇති අයිතිය ද අහෝසි කරමින් මේ වන විට සභාපති සුරේෂ් සුබ්‍රමනියම් විසින් නිකුත් කර ලිපියට දැන් මසකට ආසන්නය.


මේ තහනම් කිරීම වැරදිනම් ඊට එරෙහිව කරුණු දක්වන පිරිස් මාධ්‍ය වෙත දැන් පැමිණිය යුත්තේ එම තහනම වැරදි බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඊට එරෙහිව වාරණයක් ලබා ගනිමින්ය.එසේම ක්‍රීඩා අමාත්‍යවරයාට කරුණු වාර්තා කර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට කරුණු දක්වා එයින් පැනවී ඇති ධූරය අත්හිටුවීමට ද ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇත.


එසේ නොවී පුවත් මැවීමේ චේතනාවෙන් පමණක් පවත්වන මාධ්‍ය හමුවලදී සිඳුවන්නේ දේශීය වශයෙන් සහ විදේශිය වශයෙන් ජාතික ඔලිම්පික් කමිටුව කියන ආයතනික ව්‍යහුය සම්බන්ධයෙන් විශ්වසනීයත්වය බිඳ වැටීමක් පමණි.තව දුරටත් මැක්ස්වෙල් ද සිල්වාට ඇති චෝදනා සහ විරෝධතාවලට හේතු වූ කාරණාවන් ඒ මාධ්‍ය හමු හරහා මතු වි සමාජයේ මේ දක්වා නොදැන සිටිය අය අතටත් පත්වීම පමණි.


මැක්ස්වෙල් හිතවතුන් සේ ජාතික ඔලිම්පික් කමිටුවේ ඔහු වෙනුවෙන් කර දෙන උර දෙන සියලු දෙනා නැවත නැවත මාධ්‍ය හමුවට පැමිණ කතා කරන කතා කරන වාරයක් පාසා සිඳු වන්නේ මැක්ස්වෙල් ට මෙවැනි තහනම් පැනවීමට හේතු වූ කාරණා ද නැවත නැවත සමාජයට දැන ගන්නට ලැබීමයි.මාධ්‍ය සහ එය පරිශීලනය කරන පාඨක සහ ප්‍රේක්ෂක ප්‍රජාවට දැන් පවතින තත්ත්වයට අනුව තීරකයන් සේ කටයුතු කිරීමට නොහැකි අතර තීරක වගකීම සහ අයිතිය ඇත්තේ අධිකරණය සතුවය.


ඒ නිසා මැක්ස්වෙල් මේ රටේ ඔලිම්පික් ලේකම් තනතුරේ සිට රටේ ක්‍රීඩාවට යම් සේවයක් කර ඇත්නම් සහ දැනට ඔහුට එල්ල වන චෝදනා වැරදි සහගතනම් ඔහුගේ හිතවතුන්ට ඇත්තේ මැක්ස්වෙල්ව හෝද හෝදා මඩේ දැමීම නොවේය.ඔහුට නීතිමය වශයෙන් මේ එල්ල වී ඇති චෝදනාවලින් මිදෙන්නට තහනම් සහ වාරණ ඉවත් කර ගැනීමට අවශ්‍යය නීතිමය වාතාවරණය තනා දීමය.ඒ සඳහා දැනට නීති අංශවලින් සිඳු කරන පරීක්ෂණවල ප්‍රමාදය ඉවත් කරවා එය කඩිනම් කර ගැනීමද වැදගත්ය.එසේ නොවී පවත්වන මාධ්‍ය හමුවලදී මැක්ස්වෙල්ට යහපතක් නොවන අතර යහපත වෙන්නේ නොදැන සිටි පිරිස් ද ක්‍රීඩා කේෂ්ත්‍රයේ වගකිම් දරන්නන් ලෙස සමාජය ඉදිරියේ කැපී පෙනීම පමණය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට!

කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර...

වරුවක් ඇතුළත වෙඩිතැබීම් 4ක් !

ගත වූ පැය 12ක කාලයක් ඇතුළත දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්...

Dearo Agri, රට සහලින් ස්වයංපෝෂිත කිරීමට ‘එක මිටට ගොවි බිමට’ සමග එක් වෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: ව්‍යාපාර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවල...

යුක්රේනයට යොදවන සියලුම හමුදා භටයන් රුසියාවේ ඉලක්ක වනු ඇති බවට ජනාධිපති පුටින් යුරෝපා ජාතීනට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ ස්ථානගත...